IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පාකිස්තාන දුම්රිය ඇමැති තලේබාන් ඝාතන ලැයිස්තුවෙන් ඉවතට

නබි නායකතුමාටත්, ඉස්ලාම් දහමටත් නිගරු වන අන්දමේ චිත‍්‍රපටය නිර්මාණය කළ ඇමෙරිකානු ජාතිකයා මරා දමන අයකුට ඇමෙරිකන් ඩොලර් ලක්ෂයක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට සූදානම් යැයි ප‍්‍රකාශ කළ පාකිස්තාන දුම්රිය කටයුතු පිළිබඳ ඇමැති ගුලාම් අහ්මඞ් තම ඝාතන ලැයිස්තුවෙන් ඉවත් කළ බව තලේබාන් සංවිධානය ඊයේ (27) ප‍්‍රකාශ කළේය. ‘ඉනසන්ස් ඔෆ් මුස්ලිම්ස්’ නමැති එම චිත‍්‍රපටය නිර්මාණය කළ ඇමෙරිකානුවා මරා දැමිය යුතු බවත්, ඔහු මරා දැමීමට තලේබාන් සහ අල්කයිඩා මුස්ලිම් සොහොයුරන් යුහුසුළුව කටයුතු කළ යුතු බවත් පාකිස්තාන දුම්රිය ඇමැතිවරයා කියා සිටියේ පසුගිය 22 වැනිදා ඉස්ලාමාබාද් නුවරදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අවස්ථාවේදීය. පාකිස්තාන ජනපති, අගමැති ඇතුළු මැති ඇමැතිවරු රැසක් තලේබාන් සටන්කාමීන්ගේ ඝාතන ලයිස්තුවේ සිටිති. ”ඇමැති ගුලාම් අහ්මඞ් කළ ප‍්‍රකාශය හේතුවෙන් අප ඔහුට සමාව දෙනවා. අපේ ඝාතන ලැයිස්තුවෙන් ඔහුගේ නම ඉවත් කිරීමට අප තීරණය කළා” යැයි තලේබාන් සංවිධානය වෙනුවෙන් එහි ප‍්‍රකාශක එන්සනුල්ලා එන්ශාන් පැවැසීය.



අදහස් (0)

පාකිස්තාන දුම්රිය ඇමැති තලේබාන් ඝාතන ලැයිස්තුවෙන් ඉවතට

වරුණ Friday, 28 September 2012 12:55 PM

කෝකත් වෙන්නේ හොදටයි කියනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 710 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17896 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site