IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඇමෙරිකා ජනපති ඔබාමා හමුවෙයි

ඇමෙරිකාවේ සංචාරයක යෙදෙන පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඊයේ (24) ධවල මන්දිරයේදී, ඇමෙරිකා ජනපති බැරැුක් ඔබාමා හමුවූයේය.
එම අවස්ථාවේදී, පාකිස්තාන අගමැතිවරයා ජනපති ඔබාමාගෙන් ඉල්ලා සිටියේ, පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් සිදුකරන ඩ්‍රෝන ප‍්‍රහාර නවත්වන ලෙසටය.

තෙවැනිවරට පාකිස්තානයේ අගමැති ධුරයට පත් වීමෙන් පසු, අගමැති ෂරීෆ් ඇමෙරිකා ජනපති හමුවී ද්වී පාර්ශ්වික සබඳතා තර කර ගැනීම සම්බන්ධවෙන් සාකච්ඡුා කළ පළමු අවස්ථාව මෙයයි.

ජනපති ඔබාමා හමුවී සාකච්ඡුා කිරීමෙන් පසු, මාධ්‍ය හමුවකදී, අගමැති ෂරීෆ් කියා සිටියේ, ඇමෙරිකා හමුදා, ඇෆ්ගනිස්තානයේ සිට දේශසීමා හරහා පාකිස්තානයේ සිදුකරන ඩ්‍රෝන ප‍්‍රහාර සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති වුණු බවය. කෙසේ නමුත් ඩ්‍රෝන යානා නවත්වන බව ජනපති ඔබාමා හෝ ඇමෙරිකා හමුදාව හෝ මෙතෙක් ප‍්‍රකාශයක් සිදු කර නැත.

ඩ්‍රෝන යානා යොදා ගනිමින් පාකිස්තානයේ යුද අපරාධ සිදු කරන්නේ යැයි ජාත්‍යන්තර ක්ෂමා ආයතනය එල්ල කර ඇති චෝදනාද ඇමෙරිකා රජය ප‍්‍රතික්ෂේප කරයි.

ඩ්‍රෝන ප‍්‍රහාර එල්ල කරන්නේ ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කරගෙන බවත්, එය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිදු කරන්නක් බවත් ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත.

මානව හිමිකම් සුරැුකීම වෙනුවෙන් පිහිටුවනු ලැබූ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙරේදා (22) ඇමෙරිකාවට එම චෝදනා එල්ල කළේ ‘පාකිස්තානට එල්ල වන ඩ්‍රෝන ප‍්‍රහාර වල මීළඟ ගොදුර කවුද ?’ යනුවෙන් සැකැසූ වාර්තාවක් ද ඉදිරිපත් කරමිනි.

ඇෆ්ගන් සංග‍්‍රාමයේ දී ඇමෙරිකාවට පාකිස්තානයේ සහාය අවශ්‍ය වෙයි. ඇෆ්ගනිස්තානයේ සිටින විදෙස් හමුදාවලට අවශ්‍ය බඩුබාහිරාදිය ගෙන යෑම සිදුවන්නේ පාකිස්තානය හරහාය.

ඒ වෙනුවෙන් සහ පාකිස්තානයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඇමෙරිකාව වාර්ෂිකව මුදල් ලබා දීමක් ද සිදුකරයි.

2014 වසරේ දී ඇෆ්ගන් සංග‍්‍රමය අවසන් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඔබාමා සූදානම් වන අතර ඉන්පසු ඔහු වැඩි අවධානය යොමු කිරීමට සූදානමින් සිටින්නේ පාකිස්තාන ගෝති‍්‍රක ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක තලේබාන් සටන්කාමීන් මර්දනය කිරීමට යැයි පසුගියදා ප‍්‍රකාශ කර තිබුණි.

 

නවාස් ෂරීෆ් ඔබාමා හමුවෙමින්...


 



අදහස් (0)

පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඇමෙරිකා ජනපති ඔබාමා හමුවෙයි

ජයන්පති Friday, 25 October 2013 10:00 AM

අනේ කෝ මේ පිල්ලෙ නෝනයි චැනල්4 කට්ටියයි. (ස)

:       0       0

ඉන්දු - මෙල්බන් Friday, 25 October 2013 11:56 AM

එහෙම කොහොමද ඩ්‍රෝන ප්‍රහාර නවත්තන්නේ. ඒවා මානව හිමිකම් සුරැකීමේ පිරිසිදු චේතනාවෙන් කරන ප්‍රහාර. (ස)

:       0       0

ගජමෑන් Friday, 25 October 2013 12:15 PM

හැබැයි ලෝක සමයට බරපතල තර්ජනයක් ව පවතින මුස්ලිම් ත්‍රස්තවාදයත් මර්ධනය කල යුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 886 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 97 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 89 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1329 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1735 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2800 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1198 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site