IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාකිස්තානයේ බස් නැවැතුමකට බෝම්බ ප‍්‍රහාරයක්:

වයඹදිග පාකිස්තානයේ පෙෂාවෝර් නගරයට නුදුරින් පිහිටි බස් නැවැතුම්පොළකට ඊයේ (23) දහවල් එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් පුද්ගලයන් 12 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 35 දෙනෙක් තුවාල ලැබූහ. බෝම්බය පුපුරා ගියේ කොහාට් නගරයේ බස් නැවැතුම්පොළේය. එම අවස්ථාවේදී බස් නැවැතුම මගීන්ගෙන් පිරී තිබුණු බව ආරක්ෂක අංශ පවසයි. බෝම්බකරුගේ ඉලක්කය වී ඇත්තේ බස් නැවැතුම්පොළෙට පැමිණි පාකිස්තාන හමුදා සොල්දාදුවන් පිරිසක් යැයි පොලිසිය පවසයි. තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මියගිය ගණන තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. ප‍්‍රහාරයේ වගකීම තවමත් කිසිවකු විසින් භාර ගනු ලැබ නැති අතර ආරක්ෂක අංශ පවසන්නේ එය තලේබාන් සටන්කාමීන්ගේ ප‍්‍රහාරයක් විය හැකි බවය. මේ අතර වයඹ දිග පාකිස්තානයේ ගෝත‍්‍ර ප‍්‍රදේශවල සැඟවී තලේබාන් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පාකිස්තාන හමුදාව ඊයේ උදෑසන එල්ල කළ ගුවන් ප‍්‍රහාරයකින් සටන්කාමීහු 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ප‍්‍රහාර එල්ල කළේ උතුරු උරාකායි පළාතේ, කදිසායි, සමර්බසාර් සහ බර්මේලා යන ප‍්‍රදේශවල පිහිටි තලේබාන් තිප්පොළ හතරකට බවත් ප‍්‍රහාරයට ප‍්‍රහාරක ජෙට් යානා දෙකක් යොදා ගත් බවත් පාකිස්තාන හමුදාව වැඩි දුරටත් කියා සිටියි. උතුරු උරාකායි ප‍්‍රදේශය පාකිස්තානයේ කි‍්‍රයාත්මක තරීක් ඊ තලේබාන් සටන්කාමීන්ගේ සැඟවුම් ස්ථානයක් ලෙස ප‍්‍රකට බව ද පාකිස්තාන හමුදාව පවසයි. පාකිස්තාන හමුදාව සහ තලේබාන් සටන්කාමීන් අතර යුද ගැටුම් බහුලව පවතින්නේ ද උතුරු උරාකායි ප‍්‍රදේශයේය. ප‍්‍රහාරය එල්ල කළේ පාකිස්තාන බුද්ධි අංශ තොරතුරු පාදක කර ගනිමින් යැයි ද පාකිස්තාන ගුවන් හමුදාව වැඩිදුරටත් කියා සිටියි.



අදහස් (0)

පාකිස්තානයේ බස් නැවැතුමකට බෝම්බ ප‍්‍රහාරයක්:

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 172 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site