IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


පාකිස්තානයේ අගමැති ධුරයට ඇඟලූම් ඇමැති ෂහබුදීන් නම් කෙරේ

යූසොෆ් රාසා ගිලානී පාකිස්තාන අගමැති ධුරයට නුසුදුසු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ එම ධුරය සඳහා ඇඟලූම් කර්මාන්ත ඇමැති මක්ඩූම් ෂහබුදීන් නම් කිරීමට ජනපති අසීෆ් අලී සර්දාරි ඊයේ (21) පියවර ගත්තේය. නව අගමැතිවරයා ලෙස ෂහබුදීන් පත් කිරීමට අනුමැතිය ලබා ගැනීමේ අරමුණින් අද (22) දිනයේ පාර්ලිමේන්තුව කැඳවීමට ජනපති සර්දාරි බලාපොරොත්තු වෙයි. මක්ඩූම් ෂහබුදීන්, අගමැති ධුරය සඳහා සිය නාම යෝජනා පත‍්‍රය බාර දී ඇති අතර, එය යම් හෙයකින් ප‍්‍රතික්ෂේප වුවහොත් විකල්ප අපේක්ෂකයා ලෙස තවත් ඇමැතිවරුන් දෙදෙනකු නම් කිරීමට ද ජනපති සර්දාරි පියවර ගෙන තිබේ. තලේබාන් සංවිධානයේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් පීඩා විඳිමින්, අල් කයිඩා සටන්කාමීන්ට රැකවල් ලබා දෙන බවට චෝදනා එල්ල වී ඇමෙරිකාවේ උදහසට ලක් ව සිටින අවස්ථාවක ගිලානී අගමැති ධුරයට නුදුසුදු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම රටේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වීමට හේතුවිය. එම අර්බුදය විසඳා ගැනීමට ජනපති සර්දාරි තම පක්ෂය වන පාකිස්තාන ජනතා පක්ෂයේ සහ රජයේ සභාග පක්ෂවල ද මන්තී‍්‍රවරුන් සමඟ සාකච්ඡා කොට මක්ඩූම් ෂහබුදීන් අගමැති ධුරය සඳහා නම් කිරීමට තීරණය කළේය. අගමැති ගිලානි අග‍්‍රාමාත්‍ය ධූරය දැරීමට නුසුදුසු බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේ ඉකුත් 19 වැනිදාය. ඒ, පාකිස්තාන ජනපති අසීෆ් අලී සර්දාරිට එරෙහිව ඇති දූෂණ නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත රජයට දැනුම් දෙන්නැයි පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය පැහැර හැරීමෙන් ගිලානි අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙනි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු අධිකරණයට අපහාස කරමින්, අධිකරණයක් හමුවේ වරදකරුවකු වුවහොත් ඔහුට මන්තී‍්‍ර අසුන අහිමි වේ. ගිලානි අගමැති ධුරයට නුදුසුසු යැයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු කළේ එහෙයිනි. මක්ඩූම් ෂහබුදීන්



අදහස් (0)

පාකිස්තානයේ අගමැති ධුරයට ඇඟලූම් ඇමැති ෂහබුදීන් නම් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 78 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 29 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site