පාකිස්තානය බංග්ලාදේශ වැසියන්ගෙන් සමාව ඉල්ලීය යුතු යැයි පවසමින්, ඇමෙරිකාවේ වෙසෙන බංග්ලාදේශ ජාතිකයන් පිරිසක් වොෂින්ටන් නුවර පිහිටි පාකිස්තාන තානාපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වූහ.
පාකිස්තානය, 1971 මාර්තු මස 25 වැනිදා ‘ඔපරේෂන් සර්ච්ලයිට්’ යනුවෙන් මෙහෙයුමක් දියත් කළ බවත්, එම මෙහෙයුමේදී පාකිස්තාන හමුදාව නිරායුධ බංග්ලාදේශ වැසියන් ඝාතනය කරමින් සමූල ඝාතනයක නිරත වූ බවත්, පෙන්වා දෙමින් එම පිරිස චෝදනා නගන්න වූහ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත්වන බංග්ලාදේශ වැසියන් පිරිසක් එක්ව ‘බංග්ලාදේශ සුළු ජාතිකයන්ගේ මානව හිමිකම් සඳහා වූ කොංග්‍රසය (එච්.ආර්.සී.බී.එම්) යනුවෙන් සංවිධානයක් පිහිටුවාගෙන ඇති එම සංවිධානයේ මූලිකත්වයෙන් මෙම විරෝධතාව පැවැත්විණි.
‘ඔපරේෂන් සර්ච්ලයිට්’ මෙහෙයුම අතරවාරයේ දී පාකිස්තාන හමුදාව නිරායුධ සිවිල් වැසියන් ඝාතනය කළේ යැයි ද ඔවුහු චෝදනා එල්ල කළහ.
යුද අපරාධකරුවන් 195 දෙනකු පාකිස්තානයේ සිටින බවත් පාකිස්තාන රජය ඔවුන් නෙරපා දැමිය යුතු බවත් විරෝධතාකරුවෝ මෙහිදී බල කළහ.
පාකිස්තාන හමුදා 1971 වසරේ දී කාන්තාවන් හා දරුවන් දහස් ගණනක් ඝාතනය හා දූෂණය කළ බවත් විරෝධතාකරුවෝ මෙහිදි කීහ.
ඒ.එන්.අයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
පාකිස්තානයට විරෝධය පළ කරමින් ඇමෙරිකාවේ විරෝධතාවක්