
බ්‍රිතාන්‍යයේ පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ නායකත්වය වෙනුවෙන් පැවැත්වෙන සටනේදී හිටපු මුදල් අමාත්‍ය (චාන්සලර්) රිෂී සුන්ක් ඉදිරියෙන් සිටින බව මාධ්‍යන් වාර්තා පෙන්වා දෙයි.
රිෂී සුනාක් ට අභියෝගයක් එල්ල වී ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගෙනි. රිෂී සුනාක් මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ජොන්සන් අග්‍රාමාත්‍යවරයා යටතේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ මනාප යම් අපේක්ෂකයකුට හිමිවන්නේ නම්, එම අපේක්ෂකයාට සෘජුව පක්ෂ නායකත්වය හිමිවෙයි. බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. 2024 වසරේ මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු බලයේ සිටීමට ‘කොන්සවර්ටිව්’ පක්ෂයට අවස්ථාව උදා වී ඇත.
ඉන්දීය සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතික රිෂී සුනාක්, ඉදිරියෙන් පසුවන්නේ ඔහුට මන්ත්‍රීවරුන් 122 දෙනකුගේ සහාය හිමිවී ඇති බැවිනි. ‘කොන්සවර්ටිව්’ පක්ෂයේ සියලු සාමාජිකයන් ගණන 357 කි. හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට ලැබී ඇත්තේ මන්ත්‍රීවරුන් 53 දෙනකුගේ සහාය පමණි.
අපේක්ෂකයන් කිසිවකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 දෙනකුගේ සහාය හිමි නොවුණහොත්, පාලක ‘කොන්සවර්ටිව්’ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් පැවැත්වෙනු ඇත. ඊට පක්ෂයේ සියලු සාමාජිකයෝ සහභාගී වෙති.
බ්‍රිතාන්‍ය දේශපාලනයේ අර්බුදයක් නිර්මාණය වූයේ ලිස් ට්‍රස්, පක්ෂ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වුණු බැවිනි. ලිස් ට්‍රස් ඉල්ලා අස්වූයේ පක්ෂ සාමාජිකයන්ගේ සහාය අග්‍රාමාත්‍යවරිය ලෙස ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී තමන්ට නොලැබුණු බව පැහැදිලි කරමිනි. ලිස් ට්‍රස් අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටියේ දින 45 ක් පමණි.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
460
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2211
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1662
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පක්ෂ නායකත්ව සටනින් සුනාක්-ජොන්සන් ඉදිරියට