නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර සිදුවුණු තැබීම්වලින් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් දෙදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. වෙඩි තැබීම කළේ 32 හැවිරිදි තරුණයෙකි. පොලිසිය ඔහු ජීවග්‍රහයෙන් අල්ලා ගත් බව පැවැසෙයි.
වෙඩි තැබීම් සිදුවූයේ එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය. වෙඩි තැබීම කළ තරුණයා රොටර්ඩෑම් ඉරාස්මුස් විශ්ව විද්‍යාලයේ සිසුවෙකි. පළමු වෙඩි තැබීම විශ්ව විද්‍යාලය අසල නිවසක සිදුවුණු අතර, දෙවැනි වෙඩි තැබීම සිදුවූයේ විශ්ව විද්‍යාලයට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයේදීය.
39 හැවිරිදි කාන්තාවක්, ඇගේ 14 හැවිරිදි දියණිය පළමු වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූහ. වෛද්‍ය මධ්‍යස්ථානයේ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූයේ විශ්ව විද්‍යාලයේ 43 හැවිරිදි මහාචාර්යවරයෙකි. වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නැත. සිද්ධිය ගැන විමර්ශන ආරම්භ කර තිබේ.
වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් කම්පනයට පත්වුණු බව නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් පවසා තිබේ. එය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවත්, පෞද්ගලික කාරණාවක් නිසා වෙඩි තැබීම සිදුවන්න ඇති බවත් ආරක්ෂක අංශ තමන්ට දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන් හමුවේ පවසා තිබේ.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච
චීනය සමඟ සාකච්ඡා පවත්වා, තීරු බදු පැනැවීමත් සමඟ හටගත් වෙළෙඳ යුද්ධය අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පාකිස්තානයේ ලාහෝර් නුවරට ඉහළින් පියාසර කරමින් තිබුණු නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම දැමීමට පාකිස්තාන ආරක්ෂක අංශ සමත් විය. එය ඉන්දීය හමුදාවට අ
ජර්මනියේ පාලක පක්ෂය වන කොන්සවර්ටිව් පක්ෂයේ නායක ෆෙඩ්‍රික් මර්ස්, එරට චාන්සලර් ධුරයට තේරීපත් විය. ඒ, පාර්ලිමේන්තුවේ පැවැති වට කීපයක ඡන්ද විමසුම්වලින
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නෙදර්ලන්තයේ වෙඩි තැබීමකින් තුනක් මරුට