හිම කුණාටුවක් හමා යමින් තිබුණු අවස්ථාවක ජල සැපයුම් පද්ධතියේ ප‍්‍රධාන නළය පුපුරා ජලය ගලා යෑම නිසාවෙන් සයිබීරියාවේ පුංචි නගරයක් වන ඩුඩින්කාහි වීදි උදයේ තිබුණේ ඉණවටක් තරමට අයිස් වලින් වැසී ගල්වීය.
මාර්ගයන්හි නවතා තිබූ වාහන පවා අයිස් වලින් වැසී ගල් ගැසී තිබුණි.
හිම කුණාටුව අවස්ථාවේ පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 40 ක් පමණ වූ බව නගර වැසියෝ කියති.
සයිබීරියාවේ බොහෝ ප‍්‍රදේශවලට මෙන් ඩුඩින්කා නගරයටද වෙනම නළ මාර්ගයක් ඔස්සේ උණු ජලයද සැපයෙන අතර එම නළ මාර්ගයද මේ වන විට තිබෙන්නේ අධික ශීතල නිසා අයිස් මිදී බව සදහන්ය.
ගෙවුණු දවස පුරාම ඩුඩින්කාහි වැසියෝ අයිස් කඩා දමමින් නගරයේ වීදි නැවත මතුකරගැනීමට උත්සාහ කරමින් සිටිනු දැකගත හැකිවුනි.
ඩුඩින්කා නගරාධිපති හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙන අතර අයිස් ඉවත් කෙරෙන තෙක් නගර වැසියන්ට අවශ්‍ය ආහාර හා ජලය වෙනත් ප‍්‍රදේ්ශ වල සිට ගෙන එන්නට සැළසුම් කර තිබෙන බවද පවසයි.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නළයක් පුපුරා නගරයක් යටවේ