IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


නාසා චන්ද්‍ර යානය සඳට ලංවෙයි

ඇමෙරිකාවේ නාසා ආයතනයේ 'ආර්ටිමිස්1' පුහුණු මෙහෙයුම යටතේ, සඳ බලා ගමන් ආරම්භ කළ 'ඔරායන්' චන්ද්‍ර යානය සඳට ලං වී ඇත.

'ඇපලෝ' චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී වසර 50 කට පමණ පසු නාසා චන්ද්‍ර යානයක් සඳට ළං වුණු පළමු අවස්ථාව මෙය බව නාසා කියයි.

පුහුණු මෙහෙයුමක් බැවින් 'ඔරායන්' චන්ද්‍ර යානයේ ගගනගාමීන් නොමැත. එසේ වුවත් බොරු ගගනගාමීන් (ඩමි) තුනක් යානයේ අසුන්වලට සම්බන්ධ කර තිබේ. ඒවායේ සන්වේදක සවිකර ඇති අතර, නාසා විද්‍යාඥයන් ඔවුන්ට අවශ්‍ය දත්ත ලබා ගැනීම සිදු කරනු ඇත.

ඒ, ඉදිරි 'ආර්ටිමිස්' මෙහෙයුම්වලදී ආරක්ෂිතව සැබෑ ගගනගාමීන් සඳට යැවීම සඳහාය.

යානය සඳ මතුපිටට ගොඩ බෑමක් නොකරන අතර, එය අඳුරු කලාපය ද පසු කර සඳ වටේ ගොස්, ආපසු පෘථිවිය බලා පැමිණෙනු ඇත.

'ඔරායන්' චන්ද්‍ර යානය පැරෂූට් ආධාරයෙන් පෘථිවියට ගොඩබෑම සිදු කරන්නේ දෙසැම්බර් 11 වැනිදාය. ඒ දින 25 ක මෙහෙයුම අවසන් කරමිණි.

'ඔරායන්' චන්ද්‍ර යානය එසේත් නැතිනම් 'කැස්පියුලය' ට සෙල්ෆි ඡායාරූප ගැනීමට හැකි බව ද නාසා ආයතනය පැහැදිලි කර තිබේ.

'ස්පේස් ලොන්ච් සිස්ටම්ස්' අධි බලැති රොකට්ටුවෙන් පෘථිවි කක්ෂයට ගොස්, රොකට්ටුවෙන් වෙන් වී, පෘථිවිය වටා කැරැකී  අවශ්‍ය වේගය ලබා ගෙන සඳ බලා ගමන් ආරම්භ කළ අවස්ථාවේදී ද 'ඔරායන්' චන්ද්‍ර යානය සෙල්ෆි ඡායාරූප කීපයක් ලබා ගත්තේය.

'ඔරායන්' චන්ද්‍ර යානය ලබා ගත් සෙල්ෆිය

එම ඡායාරූප නාසා ආයතනයට එවා ඇති අතර, නාසා ආයතනය ඒවා මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කළේය.

'ඔරායන්' චන්ද්‍ර යානය  සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම කරන්නේ එහි සූර්ය පැනලයේ ඇති කැමරාව ආධාරයෙනි.

නාසා විද්‍යාඥයන් 'ඔරායන්' චන්ද්‍ර යානය  සමග සම්බන්ධ වී අවශ්‍ය දත්ත සහ ඡායාරූප ලබා ගැනීම සිදු කරන්නේ රේඩියෝ තරංග ආධාරයෙනි.

මෙම 'ආර්ටිමිස්1' මෙහෙයුම සාර්ථකව අවසන් වුවහොත්, ඉදිරියේ දී 'ආර්ටිමිස් 2' මෙහෙයුම ආරම්භ වනු ඇත. එම මෙහෙයුමට ගගනගාමීන් තිදෙනකු සම්බන්ධ කිරීමට නාසා බලාපොරොත්තු වෙයි.

'ආර්ටිමිස් 2'  ද සඳ වටා යන මෙහෙයුමක් වන අතර ගගනගාමීන් සඳට ගොඩබැසීම සිදුවන්නේ 2024 වසරෙන් පසු සිදුවන 'ආර්ටිමිස් 3' මෙහෙයුමේදීය.

'ආර්ටිමිස් 3'  මෙහෙයුම යටතේ පළමු වරට කාන්තාවක සඳට යැවීම ද නාසා ආයතනයේ අරමුණ වී තිබේ. 2030 වනවිට, කුඩා ජනාවාස පිහිටුවා ගනිමින් මිනිසුන් සදේ පදිංචි වනු ඇතැයි ද නාසා ආයතනය පවසයි.

ලුසිත ජයමාන්න
විශේෂ ස්තුතිය - නාසා ආයතනයට



අදහස් (1)

නාසා චන්ද්‍ර යානය සඳට ලංවෙයි

ජගත් ලියනගේ Tuesday, 22 November 2022 05:46 AM

ඔය වගේ මෙහෙයුමක් තව රටකින් කරොත් , සද මතුපිට දේශ සීමා ගැටලු ඇති වෙන එකක් නැහැ නේද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 27342 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18176 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10880 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 636 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 191 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 845 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site