IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


නාසයට ඉසින කොරෝනා එන්නතක්

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි නව එන්නතක්, නාසයට ඉසින දියරයක් ලෙසින්, කුඩා දරුවන් සඳහා හඳුන්වා දීමට චීනයත් රුසියාවත් සූදානම් වෙයි.

චීනය සහ රුසියාව පවසා ඇත්තේ ඔවුන් නිපදවන එන්නත් මේ වනවිට සායනික අත්හදා බැලීම් සඳහා ද යොදා ගෙන තිබේ. රුසියාව පවසා ඇත්තේ එලැඹෙන සැප්තැම්බර් මාසය වනවිට ඔවුන් ඔවුන්ගේ එන්නත ලොවට හඳුන්වා දෙන බවය.

චීන සෞඛ්‍ය අමත්‍යාංශය එරට 'කැන්සිනෝ' ඖෂධ සමාගම සමඟ එක් වී ඔවුන්ගේ 'නාස් දියර' එන්නත නිපදවීම සිදු කරයි.

චීනය පවසන්නේ අවුරුදු 2 ත් 12 ත් අතැ දරුවන් වෙනුවෙන් එන්නත නිපදවන බවය. ඊට අමතරව සියාමෙන් විශ්ව විද්‍යාලය, හොංකොං විශ්ව විද්‍යාලය සහ චීනයේ බීජීං නුවර 'වන්ටායි' ජෛව තාක්ෂණ සමාගම ද එක් වෙමින් තවත් නාසයට ඉසින එන්නතක් නිපදවමින් සිටින බව වාර්තා වේ.

රුසියාවේ 'නාස් දියර එන්නත' නිපදවා ඇත්තේ 'ස්පුට්නික් 5' ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවීමට දායක වූ ගැමලේයා ඖෂධ සමාගමය. රුසියානු රජයට අයත් මෙම ඖෂධ නිෂ්පාදන සමාගම මේ වනවිට තනි මාත්‍රාවක ස්පුට්නික් එන්නතක් නිපදවා ඇත. ඒ, 'ස්පුට්නික් 5 ලයිට්' යනුවෙනි.

ගැමලේයා සමාගම පවසා ඇත්තේ ඔවුන් අවුරුදු 8 ත් 12 ත් වයස් කාණ්ඩයේ දරුවන් ඉලක්ක කර ගනිමින් 'නාස් දියර' එන්නත නිපදවා ඇති බවත්, සායනික අත්හදා බැලීම්වලදී එය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවත්ය.

මොස්කව් නුවරදීය (රොයිටර්)



අදහස් (1)

නාසයට ඉසින කොරෝනා එන්නතක්

Sri Lanka Tuesday, 15 June 2021 04:43 PM

මේක නම් ඖෂධ මාෆියාවක්ම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 700 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site