IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිව් හොරයිසන් අභ්‍යවකාශයේ ඉම සොයා යයි

සෞරග‍්‍රහ මණ්ඩලයේ ඉම කරා යැවුණු ඇමරිකා ගුවන් හා ගගන පර්යේෂණායතනයේ (නාසා) නිව් හොරසියන් අභ්‍යාවකාශ යානාව මේ වන විට එහි ගමනාන්තයට ඉතාම ආසන්නයෙන් සිටින බව පැවසේ.

මෙම යානාව අප සෞරග‍්‍රහ මණ්ඩලයේ ඉම කරා යැවුණු ප‍්‍රථම යානයයි. එය අභ්‍යාවකාශ ගත කෙරුණේ 2006 වසරේදීය.

යානයට පැවරී තිබෙන මෙහෙයුමේ තවත් ප‍්‍රධාන කාර්යභාරයක් වන්නේ ප්ලූටෝ ග‍්‍රහයාගේ තොරතුරු පෘථිවිය වෙත එවීමයි. මෙම තොරතුරු නුදුරු දින කිහිපයේදී ලැබෙනු ඇතැයි විද්‍යාඥයින් පවසන අතර ඒවායින් ප්ලූටෝ ගැන මින් පෙර නොදැන සිටි කරුණු රාශියක් සොයාගැනීමට හැකිවනු ඇතැයිද ඔවුන් මතපළ කරයි.

නිව් හොරයිසන්ගේ ගමන අභ්‍යාවකාශයේ ඉම කරා යෑමෙන් පමණක් අවසාන කිරීමටද විද්‍යාඥයින්ගේ බලාපොරොත්තුවක් නොමැත. එය ආධාරයෙන් පෘථිවි වාසීන් එවනු ලබන පණිවුඩයක් දුර ඈත අභ්‍යාවකාශයට සම්පේ‍්‍රෂණය කිරීමේ සැළසුමක්ද ඔවුන්ට තිබේ.

මෙය ඔවුන් හඳුන්වාදී ඇත්තේ පිටසක්වල හා අප සන්නිවේදනයේ යෙදෙන ප‍්‍රථම අවස්ථාව හැටියටය.සම්පේ‍්‍රෂණය කිරීමට නියමිත පණිවුඩයේ පෘථිවි වාසීන් පිළිඹද තොරතුරුත්,පෘථිවියට ළගාවිය හැක්කේ කෙසේද යනාදී තොරතුරුත් අන්තර්ගත කරන බව විද්‍යාඥයින් කියයි.

නිව් හොරසියන්ගේ මෙහෙයුමේ අවසානයක් දැකගත හැකිවනු ඇත්තේ 2026 වසරේදීය.ඒ දක්වා අභ්‍යාවකාශයේ මින් පෙර නොගිය, නුදුටු තැන් වල තොරතුරු එය ආධාරයෙන් හැකිතාක් ලබාගැනීම විද්‍යාඥයින්ගේ අරමුණයි.



අදහස් (0)

නිව් හොරයිසන් අභ්‍යවකාශයේ ඉම සොයා යයි

ජයාත් Thursday, 21 May 2015 02:03 AM

කුමාර මහත්තයත් අර අලුත් විලාසිතාවේ කෙනෙක් වීම ගැන දුකයි.විද්‍යා,මොනවාහරි හොයා ගත්තහම ඕක බුදු දහමේ තියනවා කියලා කෙස් පැලෙන තර්ක ගේනවා. එයාලා බුදු දහමවත් විද්‍යාවවත් හරියට නොදැන කතාකරන්නේ. බුදු දහම එකක්, බටහිර විද්‍යාව තව එකක්. මේ එකකින්වත් අනික "හරි " කියලා "ඔප්පු කරන්න " යාම නිෂ්ඵල ක්‍රියාවක් (නි)

:       0       0

කුමාර Thursday, 21 May 2015 03:04 AM

ඔබටයි මටයි නොතේරෙන දේවල් ගොඩක් මේ ලෝක දහම තුළ තිබෙනවා. ඒක තේරුම් ගන්න අපිට තවම අමාරුයි. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 20 May 2015 12:21 PM

පණිවිඩේ හොඳ කට්ටියකට ගියොත් හොදයි... නැත්නම් එන්න පාර කියල ඉල්ලන් කන්න වෙන්නේ..(බ)

:       0       0

දනීෂා Thursday, 21 May 2015 03:39 AM

ජයාත් ට මොනවා හරි තරහක් තියේද. නොදන්නා දේවල් වලට කතා කරන්න එපා.(ම)

:       0       0

ජයත් Friday, 22 May 2015 02:44 AM

දනීෂා මට කිසි තරහක් නැහැ තියෙන්නේ කණගාටුවක්. අනික මම කතා කරන්නේ මොනවත් ම "නොදැන " නෙමෙයි. මතක තියාගන්න මම කියන දෙය ඔප්පු කරන්න මම ළඟ කරුණු තියනවා තව කෙනෙක් එ්ක පිලි ගැනීම හෝ නොගැනීම මට අදාල නැහැ (නදී)

:       0       0

අමිල Thursday, 21 May 2015 04:49 AM

බුදු දහමේ තියෙන මුලික හරයවත් තේරුම් ගන්න බැරි රටක මිනිස්සු, ආලෝක වර්ෂ ගානක් ඇතින් තියෙන දේවල් හිත දියුණු කරගෙන හොයන්න යනවා කියන එක මහා විහිළුවක්..(හේ)

:       0       0

දයා අලහාකෝන් Thursday, 21 May 2015 12:02 PM

මෙහි ඉමක් කොනක් නැහැයි කියා බුදු දහමේ සඳහන් වෙනවා නේද? (නදී)

:       0       0

කුමාර Wednesday, 20 May 2015 02:28 PM

මගේ යෝජනාවක් තියනවා බුදු දහම අනුව අපේ හිත දියුණු කරගත්තොත් අපිට ආලෝක වර්ෂ ගාණක් වුණත් අපේ හිත ගමන් කරවන්න පුළුවනි, මම හිතන්නේ අපිට 2016 වෙනකම් ඉන්න ඕන නැ.නාසා ආයතනයට ඕනනම් එහෙම පිරිසක් හදන්න අපිට පුළුවනි. (අ)

:       0       0

සෙනරත් Wednesday, 20 May 2015 05:03 PM

ප්‍රසන්න, ඔබගේ අදහස නම් මසුරන් වටිනවා. (නි)

:       0       0

දුමින්ද Thursday, 21 May 2015 04:44 PM

බුදුදහම අනුව විශ්වය සෙවීම නිෂ්පලය(කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site