එංගලන්තයේ බර්ක්ෂයර්හි තේම්ස් නදිය හා කෘතිම ඇල මාර්ගයක් අතර ඇති දූපතක් වැනි ස්ථානයක වාසය කළ යාරොන් ලව්රි (58) සිය නිවස ගංවතුරින් බේරා ගැනීමට අපූරු ක්‍රමයක් උපයෝගි කැර ගත්තේය.
නිතර නිතර ගංවතුරෙන් යටවන තම නිවස අඩි හතරහමාරක් ඉහලට එසවීමට ඔහු සමත්විය. පසුගිය ජනවාරියේ සිදුවූ ගංවතුරෙන් මේ ප්‍රදේශය ජලයෙන් යටවීමත් සමග ඔහුගේ අසල්වැසියෝ නිවෙස් හැර දමා වෙනත් ස්ථානවල පදිංචි වූහ. දුරකථන උපදේශකවරයකු වූ ලව්රි එසේ පලා ගියේ නැත. පරිගණක ගතකරන ලද ඔසවන (ජැක්) ආධාරයෙන් ඔහු නිවස එසවීමට කටයුතු කළේය.
ලව්රි පැවසුවේ තම නිවස ටොන් 80ක් බර බවයි. ඔසවන 28ක් උපයෝගී කරගනිමින් පැයකට අඟල් තුන බැගින් නිවස එසවීමට පවුම් 70,000ක් (රුපියල් කෝටි එකහමාරක්) වැය වූ බව ඔහු කියයි.
නිවස එසවීමෙන් පසු යට ඉතිරි වූ හිස් අවකාශය සිමෙන්ති ගල් යොදා වසා දමා ඇත. දැන් එය නව නිවසක් සේ පෙනෙයි. ගංවතුරෙන් හානිවන බැවින් පවුම් මිලියනයක් (රුපියල් කෝටි 21ක්) පමණ වටිනාකමක් සහිතව තිබූ මේ නිවසේ දැන් වටිනාකම පවුම් මිලියන 1.5 ක් (රුපියල් කෝටි 31.5) දක්වා ඉහළ ගොස් ඇත.
2025 දෙසැම්බර් මස 18
587
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවස ඔසවා ගං වතුරට අභියෝග කරයි
දිනූෂා Wednesday, 03 September 2014 10:47 AM
මේ වගේ මහා මුදලක් වියදම් කරන්නේ කොතරම් කාලයකටද?පොලිතින් වලින් ආවරණ හදාගත් අහිංසක දුප්පත් මිනිසුන් කොතරම් ජීවත්වෙන්න උත්සාහ කරනවද?කෝ ඒ අයට උපකාරයක්. (නි)
උපුල් Thursday, 04 September 2014 02:49 AM
මොනතරම් විශිෂ්ට අදහසක්ද? (නි)
දුම්මලසූරිය Wednesday, 03 September 2014 05:01 AM
ඇත්තටම සාර්ථක උත්සාහයක්. එත් ඉතින් අපිට නම් ඔයතරම් සල්ලි කන්දරාවක් වියදම් කරනවා කියන එක හිතාගන්නත් බැහැ. (නි)
ඉසුරන්දි Tuesday, 02 September 2014 04:32 AM
අපරාදේ! ඔච්චර මුදලක් ඕකට යටකළ එකේ අලුතෙන්ම නිවසක් ඔතනම හදාගන්න තිබුනනේ. (නි)