IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නවසීලන්තය-ඕස්ට්‍රේලියාව නිල වශයෙන් චාල්ස් රජු පිළිගනී

දෙවැනි එලිසබත් මහ රැජිනගේ අභාවයෙන් පසු, කිරුළ හිමි තෙවැනි චාල්ස් රජු, තම රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීම සඳහා නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව විශේෂ උත්සව සංවිධානය කර තිබුණි.

එක්සත් රාජධානියේ පමණක් නොව කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය 32ක රාජ්‍ය නායකයා ලෙස සැලකෙන්නේ බ්‍රිතාන්‍යයේ රජු හෝ රැජිනය. 96 හැවිරිදි දෙවැනි එලිසබත් මහ රැජින අභාවප්‍රාප්ත වීමෙන් පසු ඇගේ වැඩිමල් පුතු චාල්ස් කුමරු, තෙවැනි චාල්ස් රජු ලෙස රජකමට පත්විය.

නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ජැසෙන්ඩා එර්ඩර්න්ගේ ප්‍රධානවත්වයෙන් වෙලිංටන් අගනුවර පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැති උත්සවයේ දී අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ 'තෙවැනි චාල්ස් රජු නවසීලන්තයේ රාජ්‍ය නායකයා ලෙස පිළිගන්නවා' යන්නය. මහ රැජිනගේ අභාවයත් සම නවසීලන්තය නව යුගයකට පිය නඟනවා යැයි ද අග්‍රාමාත්‍ය එර්ඩර්න් පැවැසුවාය.

ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස්ගේ ප්‍රධානත්වයෙන් කැන්බරා නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිරිපිට පැවැති විශේෂ උත්සවයේ දී තෙවැනි චාල්ස් කුමරු ඕස්ට්‍රේලියාවේ රාජ්‍ය නායකයා ලෙස පිළිගැනීම සිදුවිය.

එම අවස්ථාවට ආණ්ඩුකාර ඩේවිඩ් හාර්ලි ද එක් වී සිටියේය. ඕස්ට්‍රේලියා ආරක්ෂක හමුදාව තෙවැනි චාල්ස් රජුට ගෞරව දක්වමින් හමුදා උත්තමාචාර පැවැත්වීමට ද කටයුතු කළේය.

(රොයිටර්)



අදහස් (0)

නවසීලන්තය-ඕස්ට්‍රේලියාව නිල වශයෙන් චාල්ස් රජු පිළිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 490 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site