"නිවාර්" සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි වර්ෂාවක් පතිත වන බව වාර්තා වේ.
ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් අද (25) මධ්‍යම රාත්‍රිය පසුවී සුළු වේලාවකින් ඉන්දියාවේ ගිණිකොණ දිග වෙරළට "නිවාර්" කඩා වදිනු ඇතැයි කාළකුණ අංශ අනතුරු අඟවා තිබේ.
ඔවුන් පවසන්නේ මෙම සුළි කුණාටුවෙන් පැයට කිලෝමීටර් 145ක පමණ වේගයෙන් සුළං හමනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
වර්ෂාව හේතුවෙන් මේ වන විටත් අගනුවර වන චෙන්නායිහි ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ගස් කඩා වැටීම් ද වාර්තාවී තිබේ.
දහස් සංඛ්‍යාත ජනතාවකට සුරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස දැනුම් දී තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ගෘහස්ථව සිටින ලෙස උපදෙස් දී ඇත. බස්, දුම්රිය හා ගුවන් ගමන් ද අත්හිටුවා තිබේ.
(බීබීසී ඇසුරිනි)
085
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
’නිවාර්’ දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් දකුණු ඉන්දියාවට