ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සිට හොංකොං බලා පැමිණි ගුවන් යානයක මගීන් 49 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඉන්දියාවේ සිට පැමිණෙන සියලු ගුවන් යානා අවලංගු කිරීමට හොංකොං බලධාරීහු තීරණය කර තිබේ.
මෙම ආසාදිතයන් 49 හමුවී ඇත්තේ, පසුගිය අප්‍රේල් 4 වැනිදා, ඉන්දියාවේ ‘විස්තාරා’ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි මගීන් අතරින් යැයි හොංකොං බලධාරීහු පවසති.
මේ වනවිට කොරෝනා ආසාදිතයන් හමුවීම හේතුවෙන් පිලිපීනයෙන් මෙන්ම පාකිස්තානයෙන් ද පැමිණෙන ගුවන් යානා තාවකාලිකව නවතා දැමීමට හොංකොං ගුවන් පාලන අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ, එරට සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති නිර්දේශ සැලකිල්ලට ගනිමිනි.
හොංකොංහිදීය (රොයිටර්)
2025 නොවැම්බර් මස 04
706
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2374
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1739
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවදිල්ලි සිට හොංකොං ගිය ගුවන් යානයේ 49 කට කොරෝනා