IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නිලන්ත සිරි පතිරණ කටහඬ 35 කින් ලන්ඩනය නළවයි

 

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සියලුම ගායකයින්ගේ කටහඬ අනුකරණය කර ඔවුන්ගේ ගී එම හඬින්ම ගායනා කිරීමේ අපුරු හැකියාවක් ඇති නිලන්ත සිරි පතිරණ මේ දිනවල ලන්ඩන් නුවරට පැමිණ සිටී.

කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කළ 2015 බක්මහ උළෙලට සහභාගි වීමට ආරාධනා ලැබ පැමිණි ඔහු එහිදී සිය කුසලතාවය පැමිණ සිටි දහස් ගණනකගේ ඔල්වරසන් මැද ඉදිරිපත් කළේය. 

පණ්ඩිත අමරදේවයන්, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, ජෝතිපාල, මොහිදීන් බෙග්, ප්‍රියා සූරියසේන, අතුල අධිකාරි, දයාන් විතාරණ, සමන් ද සිල්වා, ධර්මදාස වල්පොල, ගුණදාස කපුගේ, ටී එම් ජයරත්න,සෝමතිලක ජයමහ , සනත් නන්දසිරි , අමරසිරි පීරිස් මෙන්ම නවපරපුරේ ගායකයන්ද ඇතුළු බොහෝ දෙනෙකුගේ ජනප්‍රිය ගීත එදා ඔහු එම වේදිකාවේදී ගායනා කළේ සංගීතය ද ඔහු  විසින්ම සපයා ගනිමිනි.

ඔහුට සම්භාව්‍ය මෙන්ම ජනප්‍රිය ගී ආරයේ ගායනා ද ඒ පරිද්දෙන්ම ගැයීමේ අසාමාන්‍ය දස්කමක් ඇත. එමෙන්ම විදුලි ඕගනය වාදනය කිරීමටද ඔහු නිපුණත්වයක් ඇත්තෙකි. මේ නිසා ඔහුගේ ගී ප්‍රසංග වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක පුද්ගල ප්‍රසංග වෙයි.

පතිරණ කවුදැයි එතෙක් දැන නොසිටි බොහෝ දෙනෙක් ඔහුගේ මේ අනුපමේය හපන්කම ගැන පුදුම වුහ. ඉන් පසුව බොහෝදෙනාගේ ඉල්ලීම පරිදි ඔහු කින්ස්බරි විහාරස්ථානයේ නේපාල ආපදා අරමුදල ඇතුළු විවිධ සුභ සාධක සංවිධානයන් හට ආධාර ලබාගැනීම උදෙසා තම හැකියාව ඉදිරිපත් කරමින් සංගීත ප්‍රසංග කිහිපයකටම සහභාගී විය. 

වෙසක් පොහොය දිනය වෙනුවෙන් කින්ස්බරි විහාරස්ථානයේ සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ පැවති වෙසක් භක්ති ගීත වැඩසටහන් සඳහා ද ඔහු සහභාගී විය.

ලන්ඩනයේ නැවතී ඉන්නා සුළු කාලය තුල මෙවන් සුභ සාධක කටයුතු සඳහා තම දායකත්වය ලබාදීමට හැකිවීම ගැන ඉතාමත් සතුටු වන බව කියන නිලන්ත සිරි ඔහුට ලන්ඩනයට පැමිණීම සඳහා උදව් කළ සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ගලයායේ පියදස්සී නාහිමියන්ටත් බක්මහ උලෙලෙහි සියලුම සංවිධායක වරුන්ටත්, සිසිර ගුණවර්ධන පවුලේ සැම ඇතුළු හිතවතුන්හටත්  ස්තුතිවන්ත වන බව පැවසිය.

PATHIRANA NILANTH-SIRI NILANTHASIRI9 NILANTHASIRI7 NILANTHASIRI3

 



අදහස් (0)

නිලන්ත සිරි පතිරණ කටහඬ 35 කින් ලන්ඩනය නළවයි

විජේසුන්දර Tuesday, 12 May 2015 12:46 PM

මේක නම් පුදුමාකාර හැකියාවක් (නි)

:       0       0

ජනක Wednesday, 13 May 2015 02:52 PM

දාන්න කෝ වීඩියෝ එකක්. (අ)

:       0       0

සේනක Wednesday, 13 May 2015 07:50 AM

හද පිරි සුබපැතුම් ඔබට ශ්‍රී ලංකික කොල්ලෙක් වීම ගැන ආඩම්බරයි ජයෙන් ජයම වේවා !!!!! (ම)

:       0       0

කසුන් Wednesday, 13 May 2015 04:50 PM

පුදුම හැකියාවක් (කේ)

:       0       0

රණවීර - අම්පාර Wednesday, 13 May 2015 08:56 AM

අපිටත් ඔබේ දක්ෂතා බලන්න ක්‍රමයක් කියන්න. (ම)

:       0       0

සිරි Wednesday, 13 May 2015 06:34 PM

ආරාධනා! https://www.youtube.com/watch?v=z0t-L8EhQe0 (නි)

:       0       0

සිරි Wednesday, 13 May 2015 06:35 PM

නිලන්තගේ දස්කම් https://www.facebook.com/319135204911535/videos/434093406749047/?pnref=story (නි)

:       0       0

හේමන්ත Wednesday, 13 May 2015 07:44 PM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 12 May 2015 08:43 AM

වීඩියෝවක් දකින්න පුලුවන් නම් හොඳයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site