විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය 50% ඉක්මවූ පළමු රට බවට පත් වීමට නෝර්වේ රාජ්‍ය සමත්ව ඇත.
පසුගිය වසරේ දී (2020) අලෙවි වූ වාහනවලින් 50%ක වැඩි සංඛ්‍යාවක් විදුලිබලයෙන් ධාවනය කෙරෙන වාහන යැයි නෝර්වේ රාජ්‍යයේ ‘‘මාර්ග තදබදය සඳහා වන තොරතුරු කවුන්සිලය (ඕ.එෆ්.වී.)’’ නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
එම වාර්තාවට අනුව පසුගිය වසරේ දී අලෙවි වූ වාහනවලින් 54.3%ක් විදුලි බලයෙන් ධාවනය වන වාහන වන අතර ඊට පෙර වසරේ සංඛ්‍යාදත්ත හා සැලකීමේදී එය 11.9%ක වර්ධනයකි. පෙර වසරේ එනම් 2019 වසරේ රටේ සමස්ත වාහන අලෙවියෙන් 42.4%කට හිමිකම් කියා ඇත්තේ විදුලි බලයෙන් ධාවනය වන වාහන ය.
නෝර්වේ රාජ්‍ය යනු ‘නෝර්ඩික් රටවල්’ ගොන්නට අයත් වන රටකි. එරට වැඩියෙන්ම අලෙවි වන විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ වනුයේ අවුඩි ඊ-ටෝර්න්, ටෙස්ලා මොඩල් 3, ද වොක්ස්වැගන් අයි.ඩී.3 සහ නිසාන් ලීෆ් යන මෝටර් රථ ය. මෙම මෝටර් රථ හතරම සම්පූර්ණ විදුලි බලයෙන් ධාවනය කෙරේ.
පස්වැනි තැන හිමිව ඇත්තේ වොක්ස්වැගන් ගොල්ෆ් මෝටර් රථයට ය. එම මෝටර් රථයේ නැවත ආරෝපණය කළ හැකි මෝටර් රථයක ද ඇත.
ඉකුත් දෙසැම්බර් මාසයේදී නෝර්වේ රාජ්‍යයේ විදුලි බලයෙන් ධාවනය කෙරෙන මෝටර් රථ අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන අතර ප්‍රතිශතයක් ලෙස එය 66.7%ක අගයක් ගත් බව ‘‘මාර්ග තදබදය සඳහා වන තොරතුරු කවුන්සිලය (ඕ.එෆ්.වී.)’’ සඳහන් කරයි. ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ වාහනවල නව මාදිලි පැමිණීම ය.
මෙලෙස විදුලි බලයෙන් ධාවනය වන වාහනවල අලෙවිය 50% ඉක්මවූ පළමු රට නෝර්වේ රාජ්‍යය යැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නෝර්වේ විදුලි බලයෙන් ධාවනය වන වාහන සංගමය සඳහන් කළේය.
නෝර්වේ යනු යුරෝපයේ විශාලතම තෙල් නිෂ්පාදන රට වුවත් මේ වනවිට විදුලි බලයෙන් ධාවනය වන වාහන කෙරෙහි අවධානය යොමු කර ඇත. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ එම කර්මාන්තයට ලබා දී ඇති සහන යැයි ද පැවසේ.
නෝර්වේ රාජ්‍ය තුළ විදුලිබලය නිෂ්පාදනය කෙරෙන්නේ ජලවිදුලි බලයෙනි. නෝර්වේ රාජ්‍ය 2025 වනවිට කාබන් වායු විමෝචනය ‘‘0’’ දක්වා අඩු කිරීම සිය අරමුණ කරගෙන ඇත.
(ඒ.එෆ්.පී.)
ඡායාරූප රොයිටර්
055
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
නෝර්වේ විදුලි බලයෙන් ධාවනය වන වාහන අලෙවිය සියයට 50 ඉක්මවයි
de silva Tuesday, 05 January 2021 10:07 PM
නෝර්වේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මෙහෙ හිටපු ලෝකයේ හොඳම මුදල් ඇමැති විදුලි බලයෙන් අර්ධ වශයෙන් ක්‍රියාත්මක වන දෙමුහුන් වාහන වලට රුපියල් මිලියනයක අමතර බද්දක් පැනවූවා. නමුත් ඔහු බලයට පැමිණුනා. අලුත් ආණ්ඩුවත්, ඔහුගේ වාහන බදු ප්‍රතිපත්තිය වෙනස් කළේ නැහැ.
Sadaruwan Wednesday, 06 January 2021 09:25 AM
අනේ අපට මේවා හීන... මගේත් මිත්‍රයෙක්... මේ රටේ පදිංචියටම ගියා ලංකාව අතෑරලා. ඔවුන් වාසනාවන්තයෝ.. මේ පාර හයිබ්‍රිඩ් කාර්වලට...ඉලෙක්ට්‍රෝනික කාර්වලටත් හෙණ ගහන, බදු ගහන අය මේ රට පාලනය කරන්නේ.