IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නිරීක්ෂකයන් වශී කළ ගුප්ත කුරුල්ලා

සිය ගණනක් කුරුළු නිරීක්ෂකයන් හා වනජීවී ඡායාරූප ශිල්පීන් පසුගිය දා එංගලන්තයේ බ්‍රේඩොන් වෝටර් නමැති තෙත් බිම් රක්ෂිතයට එක්ව සිටින්නේ ලොව අති දුර්ලභ කුරුල්ලකු දැක ගැනීමේ අපේක්ෂාවෙනි.

ඕස්ට්‍රේලියාව නිජබිම් කැරගත් මේ දුර්ලභ කුරුල්ලා හඳුන්වන්නේ ග්‍රේට් නොට් නමිනි. සංචාරක පක්ෂියකු ලෙස එංගලන්තයට පැමිණෙන මේ කුරුල්ලකු 1989 න් පසු එංගලන්තයේ දී දැක ඇත්තේ තුන් වතාවක් පමණි.

ග්‍රේට් යාමවුත් ප්‍රදේශයේ පිහිටා ඇති එංගලන්තයේ විශාලතම තෙත් බිම් රක්ෂිතය වන බ්‍රේඩොන් වෝටර් හි පසුගිය ඉරිදා ග්‍රේට් නොට් වර්ගයේ පක්ෂියකු සිටින ආරංචියක් පැතිර ගියේය. මේ දැනගත් පක්ෂි නිරීක්ෂකයෝ සහ වනජීවී ඡායාරූප ශිල්පීහු වැල නොකැඩී එතැනට පැමිණෙන්නට වූහ.  

කලකට පැමිණෙන කාලයක් නොපැමිණෙන කලාතුරකින් දැකිය හැකි මේ ගුප්ත කුරුල්ලා සයිබීරියාවෙ තුන්ද්‍රා පරිසරයන්හි සිය පැටවුන් බෝකරන බව පරිසරවේදීහු කියති. ඔවුන් පවසන්නේ ලෝකය පුරා මේ වර්ගයේ කුරුල්ලන් සිටින්නේ 380,000 ට ආසන්න පිරිසක් බවයි. මේ සංඛ්‍යාව ද ඉතා සීඝ්‍රයෙන් අඩුවේගෙන යන බව ඔවුහු කියති.

මේ කුරුල්ලන් අවසන්වරට දැකබලා ගැනීමට හැකි වූයේ 2004 වර්ෂයේ දී ලැන්ක්ෂයර් දී බව වාර්තා වී ඇත. ග්‍රේට් නොට් එංගලන්තයට පැමිණ ඇති බව දැන ගැනීමත් සමග යුරෝපය පුරා සටින කුරුළු නිරීක්ෂකයෝ ග්‍රේට් නොට් දැකබලා ගැනීමට එංගලන්තයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

grat not 04 grat not 03 grat not 02 grat not 01



අදහස් (0)

නිරීක්ෂකයන් වශී කළ ගුප්ත කුරුල්ලා

ගාමිණී - සිරි Wednesday, 30 July 2014 04:01 PM

මාර සෙනඟක්නෙ. (අ)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 30 July 2014 04:02 PM

එංගලන්තයේ කිරුල හිමි කුමාරයාගේ උත් පත්තිය වාර්තා කිරීමට පැමිණියාට වඩා පිරිසක් නේ බොලේ කුරුල්ලා වෙනුවෙන් ඇවිත් ඉන්නේ ! (අ)

:       0       0

නිහාල් විතානගේ Wednesday, 30 July 2014 09:29 PM

කාක්කා වගේ කුරුල්ලෙක් (නි)

:       0       0

හසිත් Thursday, 31 July 2014 02:33 AM

කුරුල්ලාව මුලින්ම දැක්කේ කවුද දන්නෙ නැහැ (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 30 July 2014 11:35 AM

මේ අර 'සී ගෝල්' කියලා හඳුන්වන අය, මම හිතන්නේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site