IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


න්‍යෂ්ටික අවි නිපදවන්න ඉරානයට අවශ්‍යතාවක් නෑ

න්‍යෂ්ටික අවි නිපදවීමට ඉරානයට කිසිම අවශ්‍යතාවක් නැති බවත් එසේ කිරීමට අවශ්‍ය වූවා නම්, කිසිම රටකට ඊට හරස් විය නොහැකි බවත් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කොමේනී පවසයි.
කොමේනී මේ බව කියා සිටියේ පෙරේදා (16) ඉරාන මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අවස්ථාවකදීය. ඉරානය මීට පෙර ද අවස්ථා ගණනාවකදී පවසා ඇත්තේ ඔවුන් ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන යටතේ න්‍යෂ්ටික අවි නිපදන්නේ නැති බවය. 
ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සහ ඊශ‍්‍රායලය තරයේ කියා සිටින්නේ ඉරානය ඔවුන්ගේ ‘හිතුවක්කාරී’ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී ලොවට වින කරන න්‍යෂ්ටික අවි නිපදවන බවටය.
ඉරානයට එරෙහිව වෙළෙඳ සහ ආර්ථික සම්බාධක පැනවීමට බටහිර ප‍්‍රජාව කටයුතු කර ඇත්තේ ද එහෙයිනි. කෙසේ නමුත් සම්බාධක යොදා ලොවෙන් හුදෙකලා වී සිටියත් ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනින් පමණක් නොව අභ්‍යවකාශ වැඩසටහනින් ද විශාල ප‍්‍රගතියක් ලබා සිටී. 
"න්‍යෂ්ටික අවි ලෝකයාට තර්ජනයක් බව අපත් විශ්වාස කරනවා. න්‍යෂ්ටික  අවි තැනීමේ කිසිදු අවශ්‍යතාවක් අපට නැහැ. අපට න්‍යෂ්ටික අවි තනන්න අවශ්‍ය වුණා නම් අප ඒක කරනවා. කිසිම කෙනකුට බෑ ඊට හරස් වෙන්න” යැයි කොමේනි අවධාරණය කළේය.
ඉස්ලාම් දහම පාදක කොට ගත් දේශපාලන වටපිටාවකින් හෙබි ඉරානයේ, කොමේනී සහ ඔහුගේ නායකත්වයෙන් යුත් උත්තරීතර පාලක මණ්ඩලය ජනපති ධුරය ඉක්මවා ගිය සුපිරි බලතල හිමිවේ.
මේ අතර න්‍යෂ්ටික වැඩසටහන යටතේ බලගැන්වූ යුරේනියම් න්‍යෂ්ටික බලාගාරවල ප‍්‍රතිකි‍්‍රයාකාරක බල ගැන්වීමට ඉන්ධන ලෙස යොදා ගැනීමට ද ඉරානය තීරණය කර ඇත. 
ඉරානය ඔවුන් ගත් එම තීරණය ලොවට අනාවරණය කළේ ජාත්‍යන්තර පරමාණු බලශක්ති අධිකාරිය හරහාය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ කටයුතු ගැන සොයා බලන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් එම පරමාණු බලශක්ති අධිකාරියයි.
ඉරානය ගත් එම තීරණයත් සමඟ බටහිර රටවලින් එල්ල වන චෝදනා පහවී යනු ඇතැයි බටහිර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. 
ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන පියවර කිහිපයකින් ඉදිරියට ගෙන යෑමට තීරණය කළේ මේ මස මුලදීය. 



අදහස් (0)

න්‍යෂ්ටික අවි නිපදවන්න ඉරානයට අවශ්‍යතාවක් නෑ

මාලක Monday, 18 February 2013 06:13 PM

කොහොමත් නෑම කියලා තමයි කියන්නේ. (නි)

:       0       0

දමිත් Monday, 18 February 2013 10:45 AM

ලෝකේ හැම රටකම මොකක්ම හරි ප්‍රශ්නයක් තියෙනවා (දී)

:       0       0

ලාල් Monday, 18 February 2013 02:36 PM

තවත් ත්‍රස්තවාදියෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 640 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17658 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 729 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site