IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නයිජීරියාවේ ළමෝ පැහැරගැනෙති

බොකෝ හරාම් ආයුධ සන්නද්ධ කන්ඩායමක් වයඹ දිග නයිජීරියාවේ මාෆා නගරය ආසන්න ගම්මානයක පිරිමි හා ගැහැනු දරුවන් 30 දෙනකු පැහැරගෙන ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බොකෝ හරාම් කැරලි කරුවන් සහ නයිජීරියා රජය අතර පවතින පස් අවුරුදු ගැටුම් සහගත තත්වය හමුවේ ප්‍රදේශයේ සන්නිවේදන කටයුතු මුළුමනින්ම ඇණහිට ඇති බැවින් මේ පැහැරගැනීම සම්බන්ධයෙන් වාර්තාවී ඇත්තේ දින කිහිපයක් ගතවීමෙන් පසුවය.

නයිජීරියා රජය පවසන්නේ බොකෝ හරාම් කැරළි කරුවන් මේ දරුවන් තමන්ගේ වනගත කඳවුරුවෙත ගෙනගොස් ළමා සොල්දාදුවන් ලෙස පුහුණුකරවන බව යි.

කැරළි කරුවන්ගේ ග්‍රහණයට නතුවූ ප්‍රදේශවල හා ඒ ආසන්නයේ පදිංචි බොහෝ පිරිස් තම දරුපවුල් සමග  පලායන්නේ තම දරුවන් කැරළි කරුවන්ගෙන් බේරා ගැනීමේ අපේක්ෂාවෙනි.

පසුගිය සතියේ බොකෝ හරාම් හමුදාව විසින් අඩමාවා ප්‍රාන්තය සමීපයේ පිහිටි ක්‍රිස්තියානි ගම්මානයකින් ස්ත්‍රීන් හා ගැහැනු ලමුන් 60 දෙනකු  පැහැර ගෙන ගොස් තිබෙන බව එම ප්‍රදේශයේ ප්‍රජා නායකයන් මාධ්‍යයට පවසා ඇත.



අදහස් (0)

නයිජීරියාවේ ළමෝ පැහැරගැනෙති

ඉසුරන්දි Saturday, 01 November 2014 08:03 AM

ත්‍රස්තවාදයක් ආරම්බකරන්න තිබිය යුතු සුදුසුකම් මොනවද?(හේ)

:       0       0

නුවන් Tuesday, 28 October 2014 05:47 AM

සාමයේ පණිවිඩය ලෝකෙටම පෙන්වනවා. (ස)

:       0       0

සමිපත් Tuesday, 28 October 2014 06:50 AM

මෙන්න මොවුන්ගේ හෙළුව ලෝකෙටම පෙන්වනවා. (ස)

:       0       0

ජගත් Saturday, 01 November 2014 10:59 AM

ඇයි පොඩි ළමයි මේ දේවල් වලට අල්ල ගන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 421 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2191 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site