IMG-LOGO

නයිජීරියාවේ පාසලකින් පැහැරගත් සිසුන් 344ක් නිදහස් කරති


නයිජීරියාවේ කට්සිනා ප්‍රාන්තයේ පාසලකින් පැහැරගනු ලැබූ දරුවන්ගෙන් 344 දෙනකු නිදහස්කර ඇතැයි වාර්තාවේ.

කස්ටිනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර කාර්යාලය පවසන්නේ නිදහස් කළ දරුවන් සියලුදෙනා සුවයෙන් පසුවන බවයි. ඔවුන් කස්ටිනා නගරය වෙත රැගෙන යන බවද පසුව දෙමාපියන් වෙත බාරදෙන බවද ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශක අබ්දුල් ලබරන් මහතා පවසයි. දරුවන් කිසිවකු ඝාතනය කර ඇති බවට වාර්තාවී නොමැති බවද ඔහු සඳහන් කරයි.

කෙසේවුවද තවත් මාධ්‍ය වාර්තා පවසන්නේ දරුවන් පිරිසක් තවදුරටත් අත්අඩංගුවේ පසුවන බවයි. මේ සම්බන්ධව අදහස් දක්වමින් කට්සිනා ආණ්ඩුකාර අමිනු බෙලෝ මහතා, "පැහැරගත් දරුවන්ගෙන් වැඩිදෙනකු නැවත පැමිණ තිබෙනවා. නමුත් සියලු දෙනාම පැමිණ නැහැ," යනුවෙන් පවසා ඇත.  

දරුවන් පැහැරගත්තේ කවුරුන් විසින් ද යන්න මුලින් අනාවරණය නොවූ නමුත් ඉස්ලම් සටන්කාමී කණ්ඩායමක් වන බෝකෝහරාමි විසින් දරුවන් පැහැරගනු ලැබූ බව පසුව නිකුත් කළ වීඩියෝ දර්ශනයකින් පැහැදිලි වූ බව කට්සිනා බලධාරීහු පවසති.

කට්සිනා ප්‍රාන්තයේ කන්කාරා නගරයේ පිහිටි මෙම නේවාසික පාසලට පසුගිය සිකුරාදා කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් දරුවන් පැහැරගනු ලැබිණ.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

නයිජීරියාවේ පාසලකින් පැහැරගත් සිසුන් 344ක් නිදහස් කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 102 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 261 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site