IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නොබෙල් සාම තෑග්ගට නාම යෝජනා 259 ක්

 

 

2013 වර්ෂය වෙනුවෙන් නොබෙල් ත්‍යාගලාභීන්ගේ කවුරුන්දැයි ලබන 11 වැනිදා ප‍්‍රසිද්ධ කිරීමට නියමිත අතර මෙවර නොබෙල් සාම තයාගය වෙනුවෙන්, බාලිකා අධයාපනය වෙනුවෙන් හඬ නගන පාකිස්තානයේ මලාලා යූසොෆ්සායි දැරිය ද ඇතුළුව, 259 දෙනකුගේ නම් ඉදිරිපත් වී තිබේ.

නොබෙල් සාම ත්‍යාගය වෙනුවෙන් වැඩියෙන්ම නම් ඉදිරිපත් වූයේ මෙම වසරේ වීම සුවිශේෂි සිදුවීමක් යැයි නොබෙල් කමිටුව කියා සිටී.

මලාලාට අමතරව සිරියානු අර්බුදයට සාමකාමී විසඳුමක් සෙවීමට මැදහත්වී කටයුතු කළ රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් ද සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඊට අමතරව ඇමෙරිකා රහස් ලොවට හෙළි කළ ඇමෙරිකානු සෙබළ බ‍්‍රැඞ්ලි මැනිං මෙන්ම විකිලීක්ස් වෙබ් අඩවියේ සංස්කාරක ජුලියන් ඇසේන්ජ් ද සිටිති.

වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් මේ වසරේ නොබෙල් තෑග්ග හිමිවන්නේ කවුරුන්ටදැයි පසුගිය 8 වැනිදා නොබෙල් කමිටුව ප‍්‍රකාශයට පත් කෙරුණි.

ඒ අනුව, වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් පිරිවැමෙන නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනෙකු අතරේ සමව බෙදී යයි. ජේම්ස් ඊ රොත්මන්, රැන්ඩි ෂෙක්මන් සහ තෝමස් සුඩොෆ් යනු ඔවුන් තිදෙනාය.

ජේම්ස් ඊ රොත්මන්, රැන්ඩි ෂෙක්මන් ඇමෙරිකානු ජාතික විද්‍යාඥයන් වන අතර, තෝමස් සුඩොෆ් ජර්මන් ජාතික විද්‍යාඥයෙකි. මොවුන්ට නොබෙල් ත්‍යාගය හිමිවන්නේ මිනිස් සිරුරේ ෙසෙල ආශ‍්‍රයෙන් සිදුකළ නව සොයා ගැනීම් ඇගයීමට ලක් කරමිනි.

 



අදහස් (0)

නොබෙල් සාම තෑග්ගට නාම යෝජනා 259 ක්

ඉන්දික Thursday, 10 October 2013 10:48 AM

කතා දෙකක් නෑ. මේ පාරත් ඔබාමට තමයි දෙන්න ඕනේ, ලෝක සාමය වෙනුවෙන් කරපුවට. විශේෂයෙන් ඉරාකෙට සහ ලිබියාවට ! (දී)

:       0       0

ටානියා Thursday, 10 October 2013 11:03 AM

ඔබාමා තමයි නියම සුදුස්සා (දී)

:       0       0

දුම්මලසූරිය Thursday, 10 October 2013 11:13 AM

දැන් ඔය නොබෙල් තෑග්ගේත් වටිනාකම එහෙමත් නැත්නම් අර්ථය හෑල්ලුවට ගිහිල්ල......ඉස්සර වගේ නෙමෙයි පිදිය යුත්තට හෝ ලැබිය යුත්තට නෙවෙයි ලැබෙන්නේ.... (දී)

:       0       0

දිල්ශානි Thursday, 10 October 2013 11:16 AM

මලලාට මෙම ත්‍යාගය ලැබිය යුතුය.දහසය හැවිරිදි උවත් පකිස්තානය වැනි රටක ඉපිද බාලිකා අධ්‍යාපනය උදෙසා හඬනගා තම ජීවිතය පවා පරදුවට තබා තලෙබාන් සංවිදානයේ මීළඟ ඉලක්කය බවට පත්වී සිටින මේ ලාබාල දිරිය දියණියට නොබෙල් ත්‍යාගය ලැබිය යුතුමය. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site