IMG-LOGO

නේපාලයේ හදිසි ගංවතුරට 60 ක් බිලිවෙති: 43 ක් අතුරුදන්

නේපාලයේ ඇනපුරානා පළාතේ පෙරේදා (6) රාති‍්‍රයේ හටගත් හදිසි ජල ගැලීම්වලට පුද්ගලයෝ 60 දෙනෙක් බිලිවූහ. ජල ගැලීම්වලට හසුවීමෙන් 43 දෙනෙක් අතුරුදන් වූහ. අතුරුදන් වූවන් අතර යුක්රේන ජාතික සංචාරකයන් තිදෙනකු ද සිටින බව වාර්තා වේ. ජල ගැලීම් ඇතිවූයේ සෙටී නමැති ගංගාව පිටාර ගැලීමේනි. පොකාරා නගරය මේ වනවිට මුළුමනින්ම ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ. පොකාරා යනු සංචාරක නගරයකි. හිමාල කන්ද මෙන්ම ඇනපුරානා කන්ද ද තරණය කිරීමට ද පැමිණෙන විදෙස් සංචාරකයන් රැුඳී සිටින්නේ මෙම නගරයේය. අතුරුදන් වූවන් සෙවීමේ කටයුතු දිගටම කි‍්‍රයාත්මක අතර, ඒ සඳහා සුනඛයන් පනහකට වැඩි ගණනකගේ සහාය ද ලබා ගෙන ඇතැයි දිවි ගලවා ගැනීමේ නිලධාරීහු පවසති.



අදහස් (0)

නේපාලයේ හදිසි ගංවතුරට 60 ක් බිලිවෙති: 43 ක් අතුරුදන්

අලිබබා Tuesday, 08 May 2012 08:00 PM

හැම දෙයක්ම හදිසියෙන් තමයි එන්නේ. අපි සෝදිස්සියෙන් හිටියොත් හරි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 78 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 670 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site