තත්ත්පරයකදී ටෙරාබයිට 43 ක දත්ත හුවමාරු කරවීමේ සමත් අධි කාර්යක්ෂම ප්‍රකාශ තන්තු විශේෂයක් හදුන්වාදීමට ඩෙන්මාර්ක පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
ටෙරාබයිටයක් යනු ගිගාබයිට 1024 කි.
ප්‍රකාශ තන්තුවක් යනු ආලෝක කදම්බයක් මගින් දෙතැනක් සම්බන්ධ කර එම ආලෝක කදම්බය ආධාරයෙන්ම දෙතැන අතර දත්ත හුවමාරු කර ගැනීමට නිපැදවුනකි.දෙතැන ආලෝක කදම්බයෙන් සම්බන්ධ වන්නේ ප්‍රකාශ තන්තුවේ ඇති වීදුරු බටයක් වැනි ව්‍යුහය ඔස්සේය.
මේ දක්වා ප්‍රකාශ තන්තු නිපැදවූයේ එක් වීදුරු බටයක් ඇතිවය. මෙවන් ප්‍රකාශ තන්තුවකින් තත්පරයකදී ටෙරාබයිට 34 ක් හුවමාරු කරවා ජර්මානු පර්යේෂක පිරිසක් පසුගිය සමයේ වාර්තාවක්ද තැබූහ.
මෙම ඩෙන්මාර්ක පර්යේෂක පිරිස කර ඇත්තේ සාමාන්‍ය ප්‍රකාශ තන්තුවක ප්‍රමාණය වෙනස් නොකර එයට වීදුරු බට එකකට වඩා අන්තර්ගත කළ හැකිදැයි සොයාබැලීමයි.
පර්යේෂණය සාර්ථක කරමින් එක් ප්‍රකාශ තන්තුවකට වීදුරු බට 7 ක් අන්තර්ගත කිරීමට ඔවුන්ට හැකිව ඇත.
නව ප්‍රකාශ තන්තුවෙන් තත්පරයට ටෙරාබයිට 43 ක අදහාගත නොහැකි දත්ත ප්‍රමාණයක් හුවමාරු කර ගත හැකි බව තහවුරු වූවේයැයි ඔවුහු කියති.
මෙම දත්ත ප්‍රමාණයේ තරම තවදුරටත් පැහැදිලි කරහොත් මෙවන් ප්‍රකාශ තන්තු යොදාගෙන තැනෙන අන්තර්ජාල සබදතා ජාලයකින් ගිගාබයිටයක තරමේ චිත්‍රපටයක් භාගත කිරීමට ගත වනු ඇත්තේ මිලි තත්පර 0.2 කි.
අන්තර්ජාලය ඔස්සේ අධි විභේදන වීඩියෝවන් (එච්.ඩී) නැරැඹීමටද කිසිදු ගැටලූවක් ඇති නොවනු ඇත.
අන්තර්ජාලය ඔස්සේ දත්ත හුවමාරුව වේගවත් කිරීම සදහා ලොව පුරා පර්යේෂකයින් තරගයට මෙන් සිදුකරන මෙවැනි පර්යේෂණයන් අන්තර්ජාලයේ අනාගත පැවැත්මට වැදගත් වන බව විචාරකයෝ කියති.
අන්තර්ජාලයේ තදබදය වසරක් පාසා ඉහළ යමින් තිඛෙන වාතාවරණයක් පවතින හෙයින් එම තදබදය අවම කරන්නට අධිවේග අන්තර්ජාල සබදතා අත්‍යාවශ්‍ය වන්නේ යැයි ඔවුහු පවසති.
2025 නොවැම්බර් මස 04
377
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1644
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නැනෝ අධිවේගයෙන් මහ පිම්මක්
රංගන Monday, 04 August 2014 08:31 AM
චානක ගේ අදහස හරියට හරි. ලංකාවේ ඉන්ටෙර්නෙට් ගැන නම් කතා කරලා වැඩක් නැහැ ඔක්කොම ඉන්ටෙර්නෙට් දෙන ආයතන ඉන්නේ සල්ලි ටික ගන්න විතරයි . වෙන ඉන්ටෙර්නෙට් සේවා සපයන ආයතනයකට ලංකාවේ ඉන්ටෙර්නෙට් අන්ලිමිටඩ් කරන්න වාසනාව ලැබේවා . (දී)
සංජු Monday, 04 August 2014 04:24 PM
ලංකාවේ එකේ ගානත් ඇති ටෙරාබයිට වලින්ම (නදී)
උදේස් පුෂ්පකුමාර Tuesday, 05 August 2014 12:29 AM
මීට පස්සේ ඉතින් ලංකාවේ තියන ඔක්කොම ෆයිබර් කනෙන්සන් නැතී කරලා ඕක එනකොට කාලේ හරි. මොකද ඕක ලංකාවට සුරංගනා කතාවක් (නදී)
ධනුෂ්ක - පුත්තලම Monday, 04 August 2014 04:45 AM
ඔන්න වැඩ. බටහිර ලෝකෙ කා කොටා ගන්නවාට වඩා මේවගේ දේවල් කොච්චර හොදද (දී)
චානක Monday, 04 August 2014 05:43 AM
තාක්ෂනය ගැන නම් කතා කරන්න එපා .වහින කොට ඉන්ටනෙට් නැහැ ලංකාවේ (දී)
සමන් Sunday, 03 August 2014 06:15 PM
මේක ඉක්මණට ආවොත් හොඳයි (නි)