ජාත්‍යන්තර පොලිසිය විසින් ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමකින් ලතින් ඇමරිකාවේ නීති විරෝධී මිනිස් ජාවාරම්කරුවන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් පුද්ගලයන් 49 ක් අත්අඩංගුවට ගෙන ඇත.
සංවිධානාත්මක අපරාධ ජාලයන් දකුණු ආසියාතික සංක්‍රමනිකයන්ට නීතිවිරෝධී ලෙස එක්සත් ජනපදය පිවිසීමට උදව්කරන බව ද ජාත්‍යන්තර පොලිසිය පැවසයි.
ඔවුන් සිදුකල විමර්ශන වලදී රටවල් 11ක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති අතර මෙම රටවල් නීති විරෝධී ජාවාරම්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් (පවුම් 1.6 ක්) මුදලක් උපයාගෙන ඇති බව ද අනාවරණය වී ඇත.
එක්සත් ජනපද සංක්‍රමනික ප්‍රතිපත්තිය ඉක්මවමින් දකුණු මායිම දිගේ තම රටට ප්‍රවේශවන්නන් අත්අඩංගුවට ගැනීම් ඉහළ ගොස් ඇත.
මේ ආකාරයට නීතිවිරෝධී ලෙස පැමිණෙන්නන් සොයා ගැනීමට කලාපය පුරා තවත් මෙහෙයුම් 13 ක් ආරම්භ කර ඇත.
ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් නීතිවිරෝධී සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර පසුගිය මාසයේදී එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාවේ ආරක්ෂාව සඳහා හමුදා භටයින් 6,000 කට ආසන්න ප්‍රමාණයක් යොදවා ඇත.
(බීබීසී ඇසුරෙනි )
(63226 )

2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නීති විරෝධී මිනිස් ජාවාරම්කරුවන් 49ක් අත්අඩංගුවට