IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නත්තල් සීයා සමඟ හලෝවෙන් කතාවට ඉඩ

නත්තල් සීයාගේ ලොකුම උදව්කරුවා වන්නේ ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකාය යැයි කිවහොත්?

මෙය ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකාය (නෝරාඩ්) සෑම වසරකම නත්තල් මාසයේ කි‍්‍රයාත්මක කරන වැඩසටහනකි.තමන් නත්තල් සීයාගේ උදවුකරුවා ලෙස පෙනී සිටින්නේයැයිද නත්තල් සීයා පිළිඹඳ  ඕනෑම තොරතුරක් තමන්ගෙන් ලබාගත හැකි යැයිද ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකාය තම ෆේස්බුක් පිටු වල හා වෙබ් අඩවි වල දක්වයි.

එම වෙබ්අඩවි වල සදහන් දුරකථන අංක වලට  ඕනෑම අයෙකුට කතා කළ හැකි අතර නත්තල් සීයා පිළිඹද  ඕනෑම තොරතුරක් ලබා දීමට ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකායේ මෙම වැඩසහටන වෙනුවෙන් ඉදිරිපත් වී සිටිනා ස්වේච්ඡා බලකාය සූදානම්ය.

 

මෙම වසරේ ඇමරිකා ජනපති බරක් ඔබාමාගේ බිරිද මිෂෙල් ඔබාමාද මෙම වැඩසටහනට එක්ව සිටින්නීය.

ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකායේ වෙබ් අඩවියේ වන සිතියමකි.එහි දැක්වෙන්නේ ලෝක ගුවන් ගමනාගමනයන් දැක්වෙන සිතියමකි.නමුත් දෙසැම්බර් මස 25 වැනිදාට එහි දැක්වෙන්නේ ගුවන් ගමනාගමනයන් නොවේ.නත්තල් සීයා මේ වන විට සිටින්නේ කොතැනද,මේ වන විට රටවල් කීයකට ඔහු තෑගි බෙදා දී තිබේද ආදී දේය.

‘‘අමුතුවෙන් කියන්න  ඕන නැහැනේ.කුඩා ළමයි තමයි අපට කතා කරන්නේ.කතා කරපු ගමන් අහන පළවෙනි ප‍්‍රශ්නය තමා නත්තල් සීයා මගේ ගෙදරට එන්නේ කීයටද කියලා.ඉතින් අපි කියනවා ඔයා නිදාගත්තේ නැත්තම් එයා එන එකක් නැහැ.

නිදාගෙන නැගිට බලන්න ඒයා ඔයා ඉල්ලපු තෑගි තියල ගිහිල්ල තියෙයි කියලා.අපට සමහර වෙලාවට ඇහෙනවා එම දරුවන්ගේ දෙමව්පියෝ ඔවුන්ට කියනවා අන්න ඇහුණ නේද.දැන් ගිහිල්ලා නිදාගන්න.උදේට තෑගි ලැබිල තියෙයි කියලා.කොහොමහරි ඔවුන්ව නින්දට යවලා දෙමව්පියෝම තමයි ඔවුන් වෙනුවෙන් තෑගි තියන්නේ.අපි කරන්නේ නත්තල් හැගීම ඇති කිරීම පමණයි.‘‘ කියන්නේ වැඩසටහනේ සාමාජිකයෙකු වන මේජර් ජේමි හම්පි‍්‍රය.

 

පසුගිය වසරේ නත්තල් සමයේදී ලක්ෂ 220 කට අධික ප‍්‍රමාණයක් නෝරාඞ් වෙබ් අඩිවයට පිවිස තිබුණු අතර ෆෙස්බුක් පිටුවට ලක්ෂ 12 ක සංඛ්‍යාවක් දායකත්වය ලබා දී ඇත.ට්විටර් ගිණුමට ලක්ෂ 2 කට ආසන්න සංඛ්‍යාවක් දායකත්වය ලබා දී තිබුණු අතර ලක්ෂයක පමණ දුරකථන ඇමතුම් සංඛ්‍යාවකට පිළිතුරු දීමටත් ස්වේච්ඡුා සාමාජිකයින්ට සිදුව තිබුණි.

‘‘ඇතැමුන් අහනවා නත්තල් සීයාගේ වයස කීයද,ඔහු කන්නේ බොන්නේ මොනවාද වගේ තොරතුරු.අපිත් ඉතින් දන්න විදිහට උත්තර දෙනවා.‘‘

‘‘ළමයින් කියන්නේ තමන් ගැනම හිතන අය පමණක් නොවේයි කියලා අපිට ලැබුණු ඇමතුම් දිහා බලන කොට තේරෙනවා.මම උදාහරණයක් කියන්නම්.පසුගිය වසරේ මට ඇමතුමක් ලැබුණා.

කුඩා දරුවෙක් කතා කළේ.ඔහු කීවා මම කෙනෙටිකට් ප‍්‍රාන්තයෙන් කියලා.කෙනෙටිකට් වල තමයි ඒ අවුරුද්දේ පාසලක වෙඩි තැබීමක් සිදුවුනේ.ළමුන් කිහිපදෙනෙකුගේම ජීවිත නැති වුනා.ඔහු ඉල්ලූවේ තමන්ට තෑගි නොවේ.ඔහු ඇහුවේ නත්තල් සීයාට පුලූවන් වෙයිද මට තෑගි ටිකක් එවන්න මට ඒවා මගේ නැතිවෙච්ච යාලූවන්ගේ පවුල්වල අයට දෙන්න  ඕනේ කියලා‘‘ ඒක අහලා මට ඇඩුනේ නැති එක විතරයි. යැයි කියන්නේ තවත් ස්වේච්ඡා සාමාජිකාවක වන සාරා බර්ගොෆ්ය.

මෙම වැඩසටහන ආරම්භ වී ඇති අයුරුත් අපූරුය.1955 වසරේ පුවත්පතක නත්තල් තෑගි ලබා ගැනීමට අමතන්න යැයි සදහන් වී තිබූ දැන්වීමක වැරදීමකින් සටහන්ව තිබී ඇත්තේ ඇමරිකා ගුවන් ආරක්ෂණ බලකායේ දුරකථන අංකයයි.එදවස ගුවන් ආරක්ෂණ බලකායේ නිළධරයින් විමතියට පත්කරමින් තෑගි භෝග ඉල්ලා ඇමතුම් ගලා ආ බව සදහන්ය.නත්තල හා බැදෙන වැඩසටහනක් ඇති කිරීමට ගුවන් ආරක්ෂණ බලකායේ නිළධාරීන් කටයුතු කර ඇත්තේ මින් පසුවය.

එක්සත් ජනපද ආරක්ෂක අංශ හා සිවිල් ජනතාව අතර යහපත් සබදතාවක් ඇති කිරීම මෙම වැඩසටහනේ තවත් අරමුණකි.ආරක්ෂක අංශ සාමාජිකයින් යනු ලෙයින් මසින් සැදුණු හැගීම් දැනීම් ඇති මිනිස් කොට්ඨාශයක් බව සිවිල් වැසියන්ට දැනවීමද වැඩසටහන ඔස්සේ සිදුවන බව බළධරයින් කියයි.

මෙම වසරේ තරමක ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වී තිබෙන අතර ඊට හේතුවී තිබෙන්නේ නත්තල් සීයා ගේ හිම කරත්තය ඇමරිකා ප‍්‍රහාරක යානා වලින් රැුගෙන යනු දැක්වෙන වෙළද දැන්වීමක් නොරාඞ් පළ කර තිබීමයි.මෙනිසා නත්තලත් මිලිටරිකරණය කරන්නට යන්නේ යැයි ඇමරිකාව වෙත ඇතැම්හු චෝදනා නගා ඇත.

නමුත් නෝරාඞ් මෙම චෝදනා බැහැර කර ඇත.තම හැකි පමණින් නත්තල් අසිරිය ඇති කිරීමට දායක වීම මිස වෙනත් අදහසක් නොමැති බව චෝදනා වලට පිළිතුරු බදිමින් ස්වේච්ඡා වැඩසටහන වෙනුවෙන් පෙනී සිටිනා සාමාජික පිරිස ප‍්‍රකාශයක් නිකුත් කර ඇත.



අදහස් (0)

නත්තල් සීයා සමඟ හලෝවෙන් කතාවට ඉඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 89 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site