IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


නත්තල් දේව මෙහෙය: පාප්තුමෝ සාමය ඉල්ලති

සුපුරුදු පරිදි, වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ වාර්ෂික නත්තල් දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ලෝක සාමය ප්‍රාර්ථනා කළේය.

ශාන්ත පීතර බැසිලිකාවේ නත්තල් දේව මෙහෙයට 6,500 කට වැඩි පිරිසක් එක් වී සිටියහ.

තමන්ගේ හදවත ඇත්තේ බෙත්ලෙහොම් බවත්, සාමයේ කුමරුන් හෙවත් ජේසු බිලිඳා උපන් භූමියෙන් අද සාමය තුරන් වී, යුද ගැටුම් වර්ධනය වීම ඇති බවත්, ඒ සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කනගාටුවන බවත් පාප්තුමා දේව මෙහෙය අතරතුරේ පැවැසුවේය.

නත්තලේ සැබෑ පණිවුඩය බලය පෙන්වීම හෝ දුර්වලයන් තලා පෙලා දැමීම හෝ නොව සැවොම සාමයෙන් ජීවත් වීම යැයි ද 87 හැවිරිදි පාප්තුමන් වැඩි දුරටත් පැහැදිලි කළේය.

වසර 2,000 කට පෙර, ජේසු බිලිඳා උපන්න බෙතේලෙහෙම අද ඇත්තේ පලස්තීනුවන් ජීවත් වන බටහිර ඉවුරේය. බෙත්ලෙහෙම, අද සංචාරක ආකර්ශණයකි. ඊශ්‍රායල හමුදා සහ හමාස් සටන්කාමීන් අතරේ පවතින ගැටුම් හේතුවෙන්, මෙවර බෙත්ලෙහෙම නගරයේ, නත්තල් සැමරුම් පැවැත්වෙන්නේ නැත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

නත්තල් දේව මෙහෙය: පාප්තුමෝ සාමය ඉල්ලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 310 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site