IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නත්තලට පෙර සල්ලි වැස්සක්

මුදල් ප‍්‍රවාහනය කරමින් තිබූ රථයකින් මහ පාරට වැටුණු මුදල් පිරි පෙට්ටියක් නිසා හොංකොං වැසියන් පිරිසකට නත්තල කලින්ම උදා විය.

මුදල් පෙට්ටිය වැටුණු බව නොදැන රථය ඉදිරියටම ධාවනය වුණු අතර විසිරී ගිය මුදල් නෝට්ටු එකතු කර ගැනීමට අවට සිටියෝ කටයුතු කළහ.

සිදුව ඇති දෙය තේරුම් ගෙන මුදල් ප‍්‍රවාහනය කරමින් තිබූ රථයේ සිටි ආරක්ෂක නිලධාරීන් මුදල් පෙට්ටිය සොයා පැමිණෙන විට ප‍්‍රමාද වැඩිය. පාරට වැටී තිබුණු මුදල් කොළ කිහිපයක් හැරෙන්නට ඉතිරි සියල්ල සුද්ධ වී තිබුණි.

තවත් මුදල් සොයා දඟලමින් සිටි කිහිපදෙනා බියගන්වා ඉවත් කළ ඔවුහු වැටී ඉතිරිව තිබූ මුදල් රැස්කර ගත්හ.

පවුම් එක් ලක්ෂ විසිපන්දහසක පමණ මුදලක් අස්ථානගතවී තිබෙන බව සඳහන්ය.

‘තෑගි‘ ලෙස ගත් මුදල් නොට්ටුවල අංක තමන් සතුව ඇති බවත් එම නිසා එම මුදල් පරිහරණය කර අනතුරේ නොවැටී ඒවා වහා භාරදෙන ලෙසත් පොලිසිය නිවේදනයක් නිකුත් කර ඇත. නමුත් මේ දක්වාම කිසිවෙකුත් ඊට ප‍්‍රතිචාර දක්වා නොමැත.

2442008A00000578-2886309-image-m-9_1419463866156 2442008E00000578-2886309-image-a-10_1419463873881 2442009200000578-2886309-image-m-16_1419463930239



අදහස් (0)

නත්තලට පෙර සල්ලි වැස්සක්

සාරංග Tuesday, 30 December 2014 08:58 AM

මරු අපිටත් ටිකක් දෙන්ඩ බැරිද ?(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 29 December 2014 12:43 AM

අපේ පැත්තේ පහුගිය දවස්වල තෑගි වැස්සකුත් තිබුනා. ඉඳිආප්ප මෙවලම්, ගෑස් කුකර්,බයිසිකල්, ගෑස් ටැංකි,පාසල් බැග්,ජංගම දුරකතන වගේ දේවල්. (නි)

:       0       0

සරත් පියසේන Saturday, 27 December 2014 08:31 AM

නත්තල් සියා ද දන්නේ කොහොමද ? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 441 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site