IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


නේටෝ හමුදාවට එරෙහිව ඇෆ්ගන් වැසියෝ වීදි බසිති

විරෝධතාවට එක් වූ සිවිල් වැසියෝ පිරිසක් ...

ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදා සෙබළුන්ගෙන් සිදුවන අඩන්තේට්ටම් සහ කෙනෙහිලිකම්වලට විරෝධය දක්වමින් ඇෆ්ගනිස්තානයේ වර්දාක් ප‍්‍රාන්තයේ මේඩන් ෂාර් අගනුවර ඊයේ (27) දැවැන්ත විරෝධතා රැලියක් පැවැත්විණි.
එම විරෝධතා රැලියට දහසකට ආසන්න පිරිසක් සහභාගී වූහ. ඇෆ්ගනිස්තානයේ වර්දාක් ප‍්‍රාන්තයේ සිවිල් වැසියන්ට එරෙහිව සිදුවන කෙනෙහිලිකම් සම්බන්ධයෙන් ඇෆ්ගන් ජනාධිපති හමීඞ් කර්සායිගේ අවධානය ද යොමු වී ඇත.  
වර්දාක් ප‍්‍රාන්තයෙන් වහා පිටවී යන්නැයි ජනපති කර්සායි ඉකුත් 25 වැනිදා ඇමෙරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාවට නියෝග කළේය. ඒ සඳහා සති දෙකක කාලයක් ද ලබා දුන්නේය.
වර්ඩාක් ප‍්‍රාන්තය පිහිටා ඇත්තේ කාබුල් අගනුවරට ආසන්නයේය. එහි තලේබාන් කි‍්‍රයාකාරීත්වය බහුලය.
මේ අතර ඇමෙරිකා සහ නේටෝ හමුදා ප‍්‍රධානීන් පවසා ඇත්තේ තම
හමුදා සෙබළුන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවටය.
2011 වසරේදී වර්දාක් ප‍්‍රදේශයේ පියාසර කරමින් තිබූ හෙලිකොප්ටර් යානයක් තලේබාන් සටන්කාමීන් වෙඩිතබා බිම හෙළුහ. ඉන් ඇමෙරිකා සෙබළු තිස් දෙනෙක් සහ ඇෆ්ගන් වැසියන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
2014 වසරේ දී සංග‍්‍රාම කටයුතු අවසන් කර, ඇමෙරිකාව ප‍්‍රමුඛ විදෙස් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට නියමිතව සිටී. ඇමෙරිකා හමුදා එසේ පිටවී යන්නේ ඇෆ්ගන් ආරක්ෂක අංශ පුහුණු කර ඔවුන් ශක්තිමත් කිරීමෙන් ද පසුවය. එම පුහුණු කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.
කෙසේ නමුත් ජනපති කර්සායි ප‍්‍රමුඛ බටහිර ආධාර මත පවත්වාගෙන යන ඇෆ්ගන් රජය බිය පළ කරන්නේ විදෙස් හමුදා පිටව යෑමෙන් පසු ඉරාකයේ සිදුවන අයුරින් ඇෆ්ගනිස්තානයේ ද ප‍්‍රචණ්ඩ කි‍්‍රයා උත්සන්න වේවි කියාය.



අදහස් (0)

නේටෝ හමුදාවට එරෙහිව ඇෆ්ගන් වැසියෝ වීදි බසිති

ඩයස් Thursday, 28 February 2013 03:21 PM

මම දන්නේ නැති නිසයි අහන්නේ. චැනල් 4 ලංකාවේ ඒවා විතරද හදන්නේ? නේටො හමුදාවට හැදුවා නම් හවුස් ෆුල් වෙන්න තිබුණා, ජිනීවා වල. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1713 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site