IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නේටෝ සමුළුවට එරෙහිව චිකාගෝ නුවර විරෝධතා

විරෝධතා මැද නේටෝ මහ සමුළුව ඊයේ (20) ඇමෙරිකාවේ චිකාගෝ නුවරදී ආරම්භ වූ අතර ඊට විරෝධය පෑම සඳහා දහස් ගණන් ජනතාව වීදිවලට පැමිණ විරෝධතා රැලි පැවැත්වූ  බව විදෙස් වාර්තා සඳහන් කරයි. දෙදිනක් පුරා පැවැත්වෙන නේටෝ සමුළුවට නේටෝ සාමාජික රටවල නියෝජිතවරුන් 50 දෙනකු සහ පාකිස්තාන ජනාධිපති අසීෆ් අලී සර්දාරි ද සහභාගී වෙයි. උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානය සිය ප‍්‍රඥප්තියට පටහැනිව කටයුතු කරමින් දැඩි ආර්ථික අර්බුදවලට මුහුණ දී සිටිද්දී, යුද සංග‍්‍රාමවල නියැළෙනවා යැයි චෝදනා නඟමින් විරෝධතා රැලි පැවැත්වුණු අතර විරෝධතාකරුවන්ට චිකාගෝ පොලිසියෙන් බාධා එල්ල විය. විරෝධතා පෙළපාළිවලට දහසකට ආසන්න පිරිසක් සහභාගී වූහ. ඇමෙරිකානු ජාතිකයන්ට අමතරව විදේශිකයන් පිරිසක් ද ඊට එක්ව සිටි බව වාර්තා විය. කලහකාරී ලෙස හැසිරුණු කිහිප දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. විරෝධතා සංවිධානය කර තිබුණේ ඇමෙරිකාවේ මානව කි‍්‍රයාකාරී සංවිධානයි. ඔවුන් එම විරෝධතා සංවිධානය කළේ පසුගිය සතියේ නේටෝ සමුළුව චිකාගෝ නුවර පැවැත්වෙන බව නිවේදනය කිරීමත් සමඟය. විරෝධතා සංවිධානය වූයේ ෆේස්බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි යොදා ගෙනය. ඇමෙරිකාවේ තෙවැනි විශාලතම නගරය වන්නේත් ජනපති බැරැුක් ඔබාමාගේ උපන් ගම් ප‍්‍රදේශය වන්නේත් චිකාගෝ නගරයයි. මෙවැනි ජාත්‍යන්තර සමුළුවක් මීට පෙර චිකාගෝ නුවර පවත්වා නොමැත. කඩාකප්පල්කාරී කි‍්‍රයාවලින් සහ කිසිදු බාධාවකින් තොරව සමුළුවේ වැඩ කටයුතු කිරීමට පොලිසියේ සහාය ලැබුණු බව ද වාර්තා වේ. කැරැලි මර්දනය කිරීමේ දක්ෂයන් ලෙස ප‍්‍රසිද්ධියට පත් ව සිටින චිකාගෝ පොලිස් නිලධාරීන්, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට අලූත් මාදිලියේ කැරැලි මර්දන අවි ආයුධ රැසක් ද යොදා ගත් බව වාර්තා විය.



අදහස් (0)

නේටෝ සමුළුවට එරෙහිව චිකාගෝ නුවර විරෝධතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 171 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 153 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site