IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ධුරයට පත් වී පැය කීපයයි: ඉල්ලා අස්වෙයි

ස්වීඩනයේ පළමු කන්තා අග්‍රාමාත්‍යවරිය ලෙස තේරී පත්වුණු පාලක සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායිකා මැග්දලේනා ඇන්ඩර්සන්, පැය 12 ක් ගතවීමටත් පෙර එම ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

ඒ ඇය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය පරාජය වීමත්, ඇගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය සමඟ සන්ධානගතව සිටි හරිත පක්ෂය එම සන්ධානයෙන් ඉවත්වීමත් හේතුවෙනි.

හරිත පක්ෂය සන්ධානයෙන් ඉවත් වූයේ ඇන්ඩර්සන්ගේ අයවැය පිළිගත නොහැකි බව පෙන්වා දෙමිනි. ඉදිරියේ දී තමන් තනි පක්ෂයකින් පාර්ලිමේන්තුවේ බලය පෙන්වීමට සූදානම් බවත්, යළි අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට බලාපොරොත්තුවක් ඇති බවත් මැග්දලේනා ඇන්ඩර්සන් කතා නායක ඇන්ඩ්‍රියාස් නෝලන්ට පවසා තිබේ.

54 හැවිරිදි මැග්දලේනා ඇන්ඩර්සන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායිකාව ලෙස කටයුතු කරන්නේ පසුගිය නොවැම්බර් 4 වැනිදා සිටය. ඊයේ (24) ඇය අග්‍රාමාත්‍යවරිය ලෙස එම ධුරයට පත් කර ගැනීම සිදුවූයේ ස්වීඩන පාර්ලිමේන්තුව හෙවත් 'රික්ස්ටාග්' Riksdag මන්ත්‍රණ සභාවය.

'රික්ස්ටාග්' මන්ත්‍රණ සභාව සාමාජිකයන් 349 දෙනාගෙන් සමන්විතය. 'නෝර්ඩික්' රාජ්‍යයක අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණු පළමු කාන්තාව ද ඇය විය. 'කෝර්ඩික්' Nordic රටවල් යනු උතුරුදිග යුරෝපීය සහ උතුරුදිග අත්ලාන්තික් කලාපීය රටවල්ය.

 පාසල් වියේ දී මැග්දලේනා ඇන්ඩර්සන් පිහිනුම් ශූරියක ලෙස ජයග්‍රහණ රැසක් දිනා ඇත. ඇය දේශපාලනයට පිවිසියේ 1996 වසරේදීය. ඒ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ ගොරෙන් පර්සන්ගේ උපදේශිකාවක ලෙසය. ඇය ස්වීඩනයේ මුදල් අමාත්‍යවරිය ලෙස වසර 7 ක් එම ධුරය හොබවා ඇත.

(රොයිටර්)



අදහස් (2)

ධුරයට පත් වී පැය කීපයයි: ඉල්ලා අස්වෙයි

chatura Thursday, 25 November 2021 01:48 PM

ඇය නොර්ඩික් රටක ප්‍රථම අගමැතිනිය නොවේ ස්විඩනයේ ප්‍රථම අගමැතිනියයි ෆින්ලන්තයේ හා නෝර්වේ හී දැනටත් සිටින්නේ අගමැතිනියන් දෙදෙනෙකි.

:       0       2

අගුපිලගේ Thursday, 25 November 2021 06:43 PM

ඔහොම වාර හත අටක් පත්වෙලා ලෝකයේ වැඩිම වාර ගණනක් අගමැති වීමෙන් වාර්තාවක් තියන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site