IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ධාවන පථය වහලේ

ඉඩකඩ නොමැතිවීම නිසාවෙන් දරුවන්ට ක්‍රීඩා කිරීම සදහා අවැසිවූ ධාවන පථය වහලය මත ඉදිකිරීමට සිදුවුණු පාසැලක් ගැන චීනයෙන් වාර්තා වේ.

චීනයේ සෙජියෑන්ග් ප්‍රදේශයේ පිහිටා තිබෙන මෙම පාසැලේ වහලය මත ඇත්තේ මීටර 200 ක් දිගු සම්පූර්ණ ධාවන පථයකි.එහි පසෙකින් තවත් ක්‍රීඩා පිටියක්ද ඇත.

ධාවන පථය වර්ගමීටර 3000 ක වපසරියකින් යුතුය.

ඉඩකඩ තිබුණේ නැත යැයි කියා පාසැල් දරුවන්ගේ අවශ්‍යතා නොසළකා හැරීමට නොහැකි හෙයින් මෙසේ වහලය මත ධාවන පථය ඉදිකිරීමේ අභියෝගය භාරගත් බව පාසැල් බළධාරීන් කියයි.

ධාවන පථයේ ඇතුළත හා පිටත ඉම අඩි 6 ක උසින් යුත් වීදුරු ප්‍රාකාර වලින් ආවරණය කර ඇත.මෙනිසා දරුවන් සුරක්ෂිතය.ඊට අමතරව ආරක්ෂක කැමරා වලින් ධාවන පථය නිරතුරුවම නිරීක්ෂණයද කෙරේ.

ධාවන පථය වහලය මත තිබෙන හෙයින් අලූත් අත්දැකීමක් නිසාදෝ පාසැලේ සිසුන් ක්‍රීඩාවට දැඩි ඇල්මක් දක්වන බව පාසැල් බළධාරීන් පවසයි.

rooftop-running-track1-550x387 rooftop-running-track2-550x366 rooftop-running-track3-550x406 rooftop-running-track4-550x366



අදහස් (0)

ධාවන පථය වහලේ

සරත් Friday, 19 December 2014 03:19 PM

ඇත්තටම හොදයි. (අ)

:       0       0

සියාඩ් Sunday, 21 December 2014 08:49 PM

තැනට සුදුසු නුවණ! (නි)

:       0       0

හේමාල් Tuesday, 23 December 2014 07:05 PM

මෙම නිර්මාණය ලෝකයේ සම්මානයටද පාත්‍ර වුණා නේද? (නි)

:       0       0

ජනක Friday, 19 December 2014 08:40 AM

මේවා බලල ලංකාවේ අයත් හදයිද දන්නේ නෑ වහලවල් උඩ පිට්ටනි.(හේ)

:       0       0

විජේදාස Saturday, 20 December 2014 08:40 PM

මේක නම් දැවැන්ත නිර්මාණයක් (නි)

:       0       0

කුමාර Saturday, 20 December 2014 03:06 AM

වටිනා වැඩක්. හැබැයි මේ වගේ වැඩ කරන්න පුළුවන් චීනය වාගේ සල්ලි තියෙන රටකට තමයි. (නදී)

:       0       0

ධම්මික Tuesday, 23 December 2014 09:03 AM

හොද අදහසක්. නමුත් සියලුම පහසුකම් නැත. දිවීම පමණි. තැනට සුදුසු නුවනකි (නදී)

:       0       0

සිරිපාල Tuesday, 23 December 2014 09:07 AM

මේ පාරවත් හරියට මොලේ පාවිච්චි කරලා ඡන්දෙ දුන්නොත් සමහර විට අපේ දරුවන්ගේ දරුවන්ගේ දරුවන්ටවත් මේ වගේ දේවල් දැක ගන්න පුළුවන් වෙයි. නැත්නම් ඉතින් ඕවා හීන තමයි. (නදී)

:       0       0

සත්‍යපාල Friday, 19 December 2014 11:05 AM

ජනක, අපි මේවා නොකරන එක තමයි වරද. කොලඹ නගරයේ තිබෙන සීමිත ඉඩ කඩ නිසා සමහර ක්‍රීඩා පිටි තිබෙන තැන්වල තට්ටු ගණනාවකින් යුතු වාහන නැවතුම්පොළ ඉදිකර එහි වහලය මත තනිකරම ක්‍රීඩාපිටි තැනිය හැකිය. ජලය බැසයාමට තිබෙන සහ පරිසර සමතුලිතතාවය රැකෙන වගුරු බිම් ගොඩකර නගරය පුලුල්කරනවාට වඩා එය පරිසර හිතකාමිය. (නදී)

:       0       0

මංගල Wednesday, 24 December 2014 08:34 AM

ඉහත ප්‍රතිචාර දක්වපු කව්රුවත් කල්පනා කරලා නැහැ ක්‍රීඩාවට හිතකර බව. මොකද වායු පීඩනය සුළගේ වේගය ආර්ද්‍රතාවය වගේ දේවල් බලපානවා මේ ක්‍රීඩාවට (නදී)

:       0       0

මානෙල් Sunday, 21 December 2014 05:13 AM

ඒක හොදයි මේකෙදි වඩාත් වැදගත් ළමයිනගේ ආරක්ෂාව.(හේ)

:       0       0

සන්තුෂ් Wednesday, 24 December 2014 03:14 AM

පුදුමාකාර නිර්මාණයක්! (නි)

:       0       0

ඉසුරංගී Monday, 22 December 2014 04:00 AM

සීමිත ඉඩකඩ ඇති තැනට ඔබින අදහසක් (නදී)

:       0       0

සංගීත් Saturday, 20 December 2014 05:57 AM

නව නිර්මාණයක්. විශිෂ්ඨයි. අලුත් සිතුවිලි බිහිවීම තුල තමයි දියුණුව.(හේ)

:       0       0

ශාන් සෞදි Saturday, 20 December 2014 06:23 AM

හොඳ නිර්මාණයක්.(හේ)

:       0       0

ඉරේෂ් එස් කුමාර Tuesday, 23 December 2014 02:48 PM

සුපිරි වැඩක් (නදී)

:       0       0

විජය ශ්‍රී ධර්මපාල Friday, 19 December 2014 12:52 PM

හොඳ නිර්මාණයක් (නදී)

:       0       0

සුදේශ් Tuesday, 23 December 2014 03:24 PM

ලංකාවේ නම් මේවා හදන්න චීනෙට වඩා වැඩි මුදල් යාවි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site