IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ධම්ම පදයේ චිත්ත මාර්ගය නෝර්වේ සාක්කියක්

භාවනාවේදී සිත ඒකාග්‍ර කරගන්නවාට වඩා එයට වුවමනා පරිදි දිව යාමට ඉඩ හැරීමෙන් සාමාන්‍ය අවස්ථාවකදී ක්‍රියාකාරී නොවන මොළයේ ඇතැම් ප්‍රදේශ  ක්‍රියාත්මක වන්නේ යැයිද එනිසා මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු වන්නේ යැයිද නෝර්වේජියා   පරියේෂකයෝ පිරිසක් කියති.

පරීක්ෂණය සදහා පුද්ගලයින් කණ්ඩායම් දෙකක් තෝරාගෙන ඇති ඔවුන් එක් නියැදියකට සිත ඒකාග්‍ර කර භාවනාවේ යෙදීමටත් අනෙක සිත දිව යාමට ඉඩ හැර භාවනායේ යෙදීමටත් උපදෙස් දී ඇත.

භාවනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් කණ්ඩායම් දෙකෙහි පුද්ගලයින්ගේ මොළයේ එම්.ආර්.අයි පරිලෝකන පරීක්ෂා සටහන් ලබාගෙන ඇති පර්යේෂක පිරිස භාවනාවෙන් පසුවද එම පුද්ගලයින්ගේ මොළයේ එම්.ආර්.අයි පරිලෝකන සටහන් ලබාගෙන එම සටහන් එකිනෙක හා සන්නසන්දනය කර බලා ඇත.

එහිදී දැකගත හැකිව ඇත්තේ සිත ඒකාග්‍ර කර භාවනාවේ යෙදුණවුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය භාවනාවේ යෙදීමට පෙර ඔවුන්ගේ මොළයේ කි්‍රයාකාරීත්වය හා සෑහෙන දුරට සමාන වන බවයි.

නමුත් අනෙක් කණ්ඩායමේ පරීක්ෂණ සටහන් සන්සන්දනය කර බැලු විට පරීක්ෂකයින්ට පෙනී ගොස් ඇත්තේ ඔවුන් විවේකීව සිටි අවස්ථාවේ මොළයේ ක්‍රියාකාරීත්වයට වඩා භාවනාවේ යෙදී සිටි අවස්ථාවේ මොළයේ ක්‍රියාකාරීත්වය ඉහළ ගොස් ඇති ආකාරයකි.වැඩි වශයෙන් ක්‍රියාකාරීව තිබූ ප්‍රදේශයන් මොනවාදැයි සොයැබැලු විට හෙළිව තිඛෙන්නේ සිතිවිලි උපදීමට හා හැගීම් දැනවීම සදහා වැදගත් වන මොළයේ ප්‍රදේශයන් එසේ වැඩි වශයෙන් ක්‍රියාත්මක වී ඇති බවයි.

මෙම ප්‍රතිඵල තමන්ද පුදුමයට පත්කිරීමට සමත්වූවේයැයි පර්යේෂකයෝ කියති.

සිතට වුවමනා පරිදි සිතිවිලි උපදීමට ඉඩ හැරීම හා එය භාවනාවට යොදා ගැනීම නිකම් විවේකීව සිටිනවාට වඩා මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි කරන බව පෙනී යන්නේ යැයි ඔවුහු පවසති.

කි්‍රයාකාරීත්වය වැඩිවීමක් ලෙස පෙනුනද ඔවුන් මෙය හදුන්වාදෙන්නේ මොළය ‘සැබෑවටම‘ විවේක ගැනීමක් ලෙසය.

මෙම විවේකයෙන් පසුව මොළයේ ක්‍රියාකාරීත්වය සාපේකෂව වැඩිදියුණු වී ඇති බවක් අත්දැකිය හැකියැයි පර්යේෂකයෝ කියති.



අදහස් (0)

ධම්ම පදයේ චිත්ත මාර්ගය නෝර්වේ සාක්කියක්

සයිමන් Monday, 19 May 2014 09:05 AM

ධම්මපදයේ චිත්ත වර්ගය කියානම් අසා ඇත. ධම්මපදයේ චිත්ත මාර්ගය කියන්නේ කුමන අරුතින්ද ? (ස)

:       0       0

ඉන්දික Monday, 19 May 2014 10:27 AM

සි. ගංගොඩ, භාවනාවේ ගොඩක් ක්‍රම තියෙනවා. එකක් තමයි සිත ක්‍රියාත්මක වෙන විධිය බලාසිටිම. සිත එක අරමුණක තබන්නේ නැතුව ඒ එන සිතුවිලි දෙස උපෙක්ෂාවන් බලා සිට එය අත්හරිනවා. ඒ විදියට ගත්තම මේ පරීක්ෂණයයි භාවනාවයි අතර සමානකමක් තියෙනවා.(නදී)

:       0       0

නුවන් Tuesday, 20 May 2014 01:50 PM

මෙය විදර්ශනා භාවනාවේ චිත්තානුපස්සනාව සමඟ ගැළපෙන බව මාගේ හැඟීමයි. (නි)

:       0       0

මාධව Monday, 19 May 2014 11:55 AM

මට නම් මේ දේ සමඟ එකඟවන්නට බැහැ (නි)

:       0       0

ඩීසීඩී Monday, 19 May 2014 12:12 PM

පිස්සො ටිකක‍්. (ස)

:       0       0

සි. ගංගොඩ Sunday, 18 May 2014 12:32 PM

බුදු දහමෙන් කියා දෙන භාවනාවෙන් බලාපොරොත්තු වන දෙය සහ මෙම පරීක්ෂකයන් බලාපොරොත්තු වන දෙය අතර විශාල වෙනසක් පෙනෙනා බැවින් කිසිම සැසඳීමක් කළ නොහැකිය.(නදී)

:       0       0

රොහාන් Sunday, 18 May 2014 09:20 PM

"වැඩි වශයෙන් ක්‍රියාකාරීව තිබූ ප්‍රදේශයන් මොනවාදැයි සොයැබැලු විට හෙළිව තිඛෙන්නේ සිතිවිලි උපදීමට හා හැගීම් දැනවීම සදහා වැදගත් වන මොළයේ ප්‍රදේශයන් එසේ වැඩි වශයෙන් ක්‍රියාත්මක වී ඇති බවයි" බුදු දහමට අනුව භාවනාවෙන් කෙරෙන්නේ හිත අයාලේ නොයවා නරක සිතුවිලි සිතට ඇතුළු නොවී තබා ගැනීම නේද?? ඒ වගේම යන දෙයක් පිළිබඳව සිත එකඟව තබා ගැනීම නේද?? මම හිතන්නේ පර්යේෂණයේ ප්‍රතිපල බුදු දහම සමග සැහෙන දුරකට ගැලපෙනවා... එකම වෙනස මේ පර්යේෂණය කරලා තිබෙන අරමුණ වෙනස්. ඒ අනුව තමා ඒ ප්‍රතිපල බුදු දහමත් සමග නොගැලපෙනවා වගේ දැනෙන්නේ.(අ)

:       0       0

කිත්සිරි Monday, 19 May 2014 01:35 PM

සි. ගංගොඩ ගේ අදහස හරි. ඔවුන් භාවනා කරන්නෙත් නිත්‍යයි , සුඛයි ආත්මයි යන අදහස පෙරදැරි කරගෙන... ඕවා අනාර්ය පර්යේෂණ ගණයට වැටෙන්නේ. (නදී)

:       0       0

රත්න මුහන්දිරම් සරත්චන්ද්‍ර Sunday, 18 May 2014 10:55 PM

ලොවේ උතුම් සත්‍යය. (ස)

:       0       0

ප්‍රශීන් Sunday, 18 May 2014 02:20 PM

මොළයේ ක්‍රියාකාරිත්වය මනිනවා වගේම හිත දියුණු වෙන ක්‍රම ගැනත් හොයල බැලුව නම් බුදු රජාණන්වහන්සේගේ ධර්මයේ සත්‍ය බව තේරෙයි හැමෝටම!!! ලොව උතුම් සත්‍යය!!! (ස)

:       0       0

ප්‍රසංග Monday, 19 May 2014 08:20 AM

ඇතිවෙමින් නැතිවෙමින් පවතින සිතිවිලි ගැන භාවනා කරන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site