දේශගුණික විපර්යාසයන්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට රජයට බලපෑම් කරමින් බ්‍රිතාන්‍යයේ පාසැල් සිසුන් විරෝධතාවයක් පැවැත්වූ බව වාර්තා වේ.
මෙම විරෝධතාවයන් සඳහා බ්‍රිතාන්‍යයේ නගර 60කින් සිසු සිසුවියන් 15000ක් පමණ සහභාගී වී ඇත.
දේශගුණික විපර්යාසයන්ගෙන් ඇතිවන බලපෑම අවදානම් හා හදිසි තත්ත්වයන් ලෙස සලකා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
ලොව පුරා පාසැල් සිසුන්ගෙන් සමන්විත "දේශගුණික ක්‍රියාමාර්ග සඳහා පාසැල් සිසුන්" යනුවෙන් හඳුන්වන කණ්ඩායමක් විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
බෙල්ජියම, ස්විට්සර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ස්වීඩනය හා ජර්මනිය යන රටවල මෙම සංවිධානය පැතිරී ඇත.
විශාලම විරෝධතාවය ලන්ඩන් නුවර පැවැත්වුණු බව මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේවුවද පාසැල් කාලය තුල සිසුන් මෙලෙස විථි බැස විරෝධතාවයේ යෙදීමෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා එල්ල වන බව බලධාරීහු පවසති.
(බීබීසි ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව බ්‍රිතාන්‍යයේ පාසල් සිසුන් විරෝධතාවයක