IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දිවි පරදුවට තබා බිත්තර රකින බූවල්ලෝ

බූවල්ලන් තමන් මියයනතුරුම බිත්තර රකින බව පර්යේෂකයෝ පවසති. ඔවුන් මේ බව පවසන්නේ කැලිෆෝනියා බූවල්ලන් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් අනතුරුවය.

මෙතෙක් තිබූ මතය වන්නේ බූවල්ලන් යනු මව් පිය භූමිකාවට එක් නොවන සතුන් විශේෂයක් බවයි. ‘මොන්ටරි බේ ඇක්වේරියම් රිසර්ච් ඉන්ස්ටිටියුට්‘ හි ගවේෂකයන් පිරිසක් පවසන්නේ ගැඹුරු මුහුදේ ජීවත්වන කැලිෆෝනියානු බූවල්ලන්ගේ ගැහැණු සතුන් වසර හතරහමාරකට අධික කාලයක් සිය බිත්තර රකිමින් ඒ අසළම රැඳී සිටින බවයි. මොවුන්ගේ බිත්තර මේරීමේ කාලය ද අනෙක් සතුන්ට වඩා වැඩි බව ඔවුන් පවසයි. මේ කාලයේ දී ගැහැණු සතුන්ගේ සම දුර්වර්ණ වී හැකිලී යන බවත් අවසානයේ දී සිරුර හැකිලී දුර්වල වී මරණයට මුහුණ දෙන බවත් පර්යේෂකයෝ කියති.

දැල්ලන් වැනි ශීර්ෂපාදිකයන් අයත්වන සිෆලොපොඩ් ඝණයේ සතුන්ගෙන් ග්‍රැනල්ඩෝන් බොරියොසිපියා යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම බූවල්ලන් දිගු ආයුකාලයකට හිමිකම් කියන සත්ත්ව විශේෂයකි. නොගැඹුරු මුහුදේ ජීවත් වන බූවල්ලන්ගේ හා දැල්ලන්ගේ ආයු කාලය වසරක් හෝ දෙකකට සීමා වේ.

වසර 25ක සිට සෑම මසකම මොන්ටරි බේ හි ගවේශකයන් 'මිඩ්වෝටර් 1' ලෙස හඳුන්වනු ලබන මොන්ටරි නම් ගැඹුරු මුහුදේ නිරික්ෂණ කරයි. ඔවුන් 2007 වසරේදී පළමු වරට ගැහැණු බූවල්ලෙක් අඩි 1400ක් ගැඹුරේ ඇති මතුපිටක් මත එල්ලී සිටිනු දැක ඇත. මෙම ප්‍රදේශය සාමාන්‍යයෙන් මෙවැනි සතුන් ගැවසෙන පෙදෙසක් ලෙසට හඳුනාගෙන තිබුණේ නැත.

මේ බූවල්ලා පළමුවරට නිරීක්ෂණය කිරිමෙන් පසු වසර හතරහමාරක් අවස්ථා 18 දී එම ස්ථානයේ කිමිදුණු පර්යේෂකයන් ඒ සෑම අවස්ථාක දී ම බූවල්ලා එහි එල්ලී සිටිනු දැක ඇත. තමන් මේ දකින්නේ එකම බූවල්ලා බව ඔවුන් හඳුනාගෙන ඇත්තේ බූවල්ලාගේ සිරුරේ තිබුණු කැලැල් හා රටා ආධාරයෙනි. බූවල්ලා ආහාර ගැනීමට හෝ වෙනත් කිසිදු කරුණක් වෙනුවෙන් බිත්තර තිබූ ස්ථානයෙන් ඈත් නොවූ බව ද පර්යේෂකයන් විසින් නිරීක්ෂණය කැර ඇත.

ඒ අවට සිටින කකුළුවන් හා පොකිරිස්සන් වෙත ද අවධානය යොමු නොකරන බූවල්ලා එම සතුන් හෝ ආහාරයට ගැනීමට උනන්දු වී නැතැයි ද පර්යේෂකයෝ කියති.  2007 වර්ෂයේ අප්‍රේල් මාසයේ මුල් වරට දුටු මේ බූවල්ලා 2011 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී අවසන්වරට දැක ගැනීමට ලැබුණු බව ඔවුහු කියති. එම වසරේ ම ඔක්තෝබර් මාසයේ කිමිදෙනවිට බූවල්ලා හෝ බිත්තර එතැන තිබී නැත. ඒ වෙනුවට දක්නට ලැබී ඇත්තේ හිස් වූ බිජු කෝෂ කිහිපයක් පමණි. පර්යේෂකයන් පවසන්නේ එතැන බිත්තර 160ක් පමණ තිබූ බවයි.

ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ කැලිෆෝනියානු බූවල්ලන් තම දිවි පරදුවට තබමින් බිත්තර රකින ආකාරය පුදුම සහගත ක්‍රියාවක් බවයි. 

buwalla-1 buwalla2 buwalla3



අදහස් (0)

දිවි පරදුවට තබා බිත්තර රකින බූවල්ලෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site