IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දෙවියන් ළඟට යන්න තණ බුදිති

දෙවියන්ට ළං වීමට තණකොළ කෑ පිරිසක් දකණු අපි‍්‍රකාවේ සිටිති. ඔවුන් දකුණු අපි‍්‍රකාවේ ගැරන්කුවාහි ආගමික උපදේශකයෙකු වන ලිසෙගෝ ඩැනියෙල්ගේ අනුගාමිකයෝය.

දෙවියන්වහන්සේට ළං වීමට අවශ්‍ය නම් තණකොළ කන ලෙස ඔහු තම අනුගාමිකයින්ට පැවසීය.දෙවියන් වහන්සේගේ බලයෙන් අපේ බඩගින්න නිවා ගන්න අපිට  ඕනෑම දෙයක් කන්න පුළුවන්. එසේම එයින් කිසියම් දෙයක් සිදුවූ විට උන් වහන්සේගේ බලයෙන් අපි සුවපත් වෙනවා’ යනුවෙන් ඔහු කියයි.

ඔහු කී දෙය ඉතා භක්තියෙන් පිළිගත් ඔහුගේ අනුගාමිකයින් කිහිපදෙනෙක් බිම දිගා වී තණකොළ කෑහ. සිත්සේ අනුභව කර පසුව කිහිප දෙනෙක් වමනය කරීමටත්, තවත් කිහිප දෙනෙක් උදරය අල්ලා වැසිකිළියට දිවීමටත් පටන් ගත්තේය.

නමුත් ඔහුගේ වදනට කීකරු වන බොහෝ දෙනෙක් එයින් තමන්ට කිසියම් ප‍්‍රතිලාභයක් ලැබුනු බව පැවසීය. ඒ අතුරින් එක් අයෙක්ගේ බොහෝ කාලයක සිට පැවතුණ උගුරේ අමාරුවක් සුව වූ අතර තවකෙක් ආඝාතයෙන් පෙළී අවුරුදු 2 ක් අවිදගැනීමටවත් නොහැකි වූ ඔහු තණකොළ කෑ පසු සුව වී ඇවිදින්නට ගත් බව පැවසීය.

එම අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප පෙළක් මුහුණු පොතේද පළ කරන ලදි. එයට විරුද්ධව බොහෝ පිරිසක් විවිධ චෝදනා එල්ල කරමින් කියා සිටියේ මොහු ආගමට අවමන් කරන බැවින් අත්අඩංගුවට ගත යුතු බවයි. එසේම මිනිසුන්ට සත්තුන්ට කන තණකොළ කවනවා නම් එය කිසි විටෙකත් දෙවියන්ගේ කැමත්තක් නොවන බව ඔවුන්ගේ මතයයි.

‘දෙවියන් වහන්සේගේ වචනය පිළිපඳින මිනිසුන් තණකොළ කා එයට සාක්ෂි දුන්නා.’ යනුවෙන් මෙම චෝදනා සියල්ල ප‍්‍රතික්ෂේප කරමින් ඩැනියෙල් කියා සිටියේය. 

 

 

 



අදහස් (0)

දෙවියන් ළඟට යන්න තණ බුදිති

ෂෙරිෆ් Tuesday, 14 January 2014 11:19 PM

හෙට අනිද්දා වෙනකොට මේ අය දෙවියන් ළඟට යන්න කියල ලිඳකට පනිවිද දන්නෑ (දිල්)

:       0       0

පෙරේරා Wednesday, 15 January 2014 02:06 AM

එක එක දේවල් ලැබේවි කියල පුන්නක්කු කන හරක් ලංකාවෙත් ඉන්නේ. (නදී)

:       0       0

ශාන් Wednesday, 15 January 2014 02:15 AM

දෙවියෝ ලඟට යාම කෙසේ වෙතත් සත්තු නම් තමන්ට ඕන තණකොළ වර්ග ඉවෙන් තෝරාගෙන කාල තමන්ගේ බඩගින්න හා රෝග සනීප කරගන්නවා. සතුන්ට තිබුනත් මිනිස්සුන්ගේ ආහාර මාර්ගයේ තණකොළ ජීර්ණය කරන්න අවශ්‍ය දේවල් නැහැ.(නදී)

:       0       0

ප්‍රවින. Wednesday, 15 January 2014 02:32 AM

අපේ රටේ නම් මැතිවරණ කාළෙට තමා බොහෝ දෙනෙක් තණකොළ බුදින්නේ. (අ)

:       0       0

ලාල් මහනුවර Wednesday, 15 January 2014 02:45 AM

ලෝක අහාර අර්බුදයකුත් එනවනේ දැන්ම ඕව කාල පුරුදු වෙන එක හොදයි.නමුත් උම් බෑ කියන්නනම් එපා (අ)

:       0       0

ලාල් මහනුවර Wednesday, 15 January 2014 02:51 AM

වසරේ හොදම ඡායා රූපය .(අ)

:       0       0

සමන් Tuesday, 21 January 2014 08:26 AM

ඒ මොකද ඒ ? (නදී)

:       0       0

සත්‍යා Wednesday, 15 January 2014 06:41 AM

සත්‍යයේ ඇති විශ්මිත හාස්කම ඔප්පු කිරීමකින් තොරව හෝ ජය ගැනීමයි. අදෘශ්‍යමාන දෙවි කෙනෙක් කිව්වා කියා මිනිසුන්ව ගොනාට අන්දවා තණකොළ කැව්වේ අද ඊයේ විතරක් නොවේ. අප්‍රිකාවේ ද පමණක් නොවේ. වසර 2500 කට වඩා පැරණි දියුණු ශිෂ්ටාචාරයක් තිබු ශ්‍රී ලාංකිකයින්ට පිට දේශවල සිට ආ "දෙවිවරු" අද දවසේ වුව තණකොළ කවමින් සිටිති. (දිල්)

:       0       0

ලක්මාල් Wednesday, 15 January 2014 08:42 AM

මේ කතාව දාන්න ඕනේ ලංකාදීපේ දෙයියෝ සාක්කි තීරුවේ (දී)

:       0       0

යසෝධා Wednesday, 15 January 2014 09:19 AM

දෙවියන් වහන්සේ මේවගේ දෙයක් කරයි කියලා හිතන්නේ නැහැ (දී)

:       0       0

ශිවා Tuesday, 14 January 2014 03:32 PM

අපා ගත උනත් තණකොළ නම් කන්නැහැ (දී)

:       0       0

සේනාරත්න Tuesday, 14 January 2014 03:38 PM

දෙවියන්ටත් අගෞරවයක් තමයි මේ මිනිස්සු කරන්නේ (දී)

:       0       0

හර්ෂ Wednesday, 15 January 2014 10:10 AM

හරක්ට බත් කන්න දෙමු ඒ සත්තුත් කන්න ඕනෙනේ (දී)

:       0       0

රුවන් Wednesday, 15 January 2014 10:23 AM

නොදියුණු මිනිස්සු කරපු මෝඩ වැඩක් (දී)

:       0       0

චවික Wednesday, 15 January 2014 10:42 AM

මටත් වමනේ යන්න එනවා, මේවා දැකලා (දී)

:       0       0

නාලක Wednesday, 15 January 2014 10:42 AM

එහෙමනම් වැඩියෙන්ම දෙවියෝ ගාවට යනවා ඇත්තේ හරකා වෙන්න ඕන (දී)

:       0       0

නුවන් Tuesday, 14 January 2014 04:48 PM

මෝඩ මිනිස්සු!(දිල්)

:       0       0

ජෝන් Wednesday, 15 January 2014 11:18 AM

දැන් බඩුවල ගණන් හැටියට අපිටත් මේකම වේවි ළගදී (දිල්)

:       0       0

නලින් Wednesday, 15 January 2014 12:24 PM

ටිකක් ඈත්තක් තියෙනවා.තනකොල කන අය ලග තමා දේව භක්තිය වෑඩි. ඔය ඔප්පුකරලම තියෙන්නෙ. (දී)

:       0       0

අසාද් Tuesday, 14 January 2014 06:58 PM

හරියටම හරි එතකොටවත් මොලේ පෑදෙයි.(නදී)

:       0       0

දර්ශන Tuesday, 14 January 2014 07:35 PM

එහෙනම් දෙවියන්ට ලං වෙන්න තණකොළ කන මිනිස්සු දකුණු අප්‍රිකාවෙත් ඉන්නව.(නදී)

:       0       0

චින්තා Wednesday, 15 January 2014 01:29 PM

තණකොළ කන්න නොවෙයි මට මේ පින්තුර ටික දකින කොට බඩ දගලනවා (දී)

:       0       0

සමන්ති Tuesday, 14 January 2014 08:08 PM

පොල් දමා මැල්ලුමක් විදියට කැවානම් මොකුත් වෙන්නේ නැත. මෙහි ආහාරයට ගන්නා තණපලා නම් පලාවර්ගයක් තියෙනවා .මේවා තණකොළ වර්ගයක්.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 15 January 2014 01:29 PM

මේ වගේ මිනිස්සුන්ට තනකොලත් හොඳ වැඩිද මන්ද ?(දී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 14 January 2014 09:33 PM

මිත්‍යා දෘෂ්ටිකයන්. මොලය පෑදේවා! (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Tuesday, 14 January 2014 10:08 PM

මේ නිව්ස් එක හරක් දැක්කොත් තමා මරු උද්ගෝෂණයක් පටන් ගන්නේ. අපේ රටේ නම් ගසුත් නගීවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site