IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


දෙවැනි මාත්‍රාව ලබා ගන්න ඇමෙරිකානුවෝ මැලිවෙති

ඇමෙරිකානුවන් මිලියනයකට වැඩි පිරිසක්, ඔවුන්ට ලබා දුන් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට මැලිකමක් දක්වන බව එරට වසංගත රෝග මර්දන ඒකකය පවසයි.

එන්නත්කරණ වැඩසටහන යටතේ ඇමෙරිකානුවන්ට එන්නත් වර්ග 3 ක් ලැබේ. එයින් දෙකක් 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් වන අතර තෙවැන්න 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නතය.

'ෆයිසර්' සහ 'මොඩර්නා' මාත්‍රා දෙකකින් සමන්විත වන අතර 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එක් මාත්‍රාවකින් පමණක් සමන්විතය. කෙසේ නමුත් රුධිර කැටි ඇතිවන බැවින් 'ජොන්සන් ඇන්ඩ් ජොන්සන්' එන්නත මේ වනවිට ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඇමෙරිකානුවන් බොහෝ දෙනකුට ඔවුන් ලබා ගත් 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත්වල දෙවැනි මාත්‍රාව අප්‍රේල් මාසයේ ලබා ගැනීමට නියමිතව තිබුණු නමුත් ඔවුන් එම එන්නත් ලබා ගෙන නැති බව වසංගත රෝග මර්දන ඒකකය පවසයි. ඊට හේතුව වී ඇත්තේ පළමු එන්නත් මාත්‍රාව ලබා ගැනීමෙන් පසු ඇතිවුණු සුළු සංකූලතා නිසාය.

“ෆයිසර් සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් බොහෝ දෙනකු දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට මැලිකමක් දක්වනවා. ඒ සුළු වශයෙන් ඔවුන්ට ඇති වුණු සංකූලතා නිසයි. කොවිඩ් 19 වයිරසයෙන් එල්ල වන බලපෑමට වඩා ඔවුන් මෙම සංකූලතාවලට බියයි. එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට බොහෝ දෙනා මැලිවන්නේ ඒ නිසයි” යැයි ඇමෙරිකන් වසංගත රෝග මර්දන ඒකකය පැහැදිලි කර තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)



අදහස් (0)

දෙවැනි මාත්‍රාව ලබා ගන්න ඇමෙරිකානුවෝ මැලිවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site