IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


දැවැන්ත ග්‍රහකයක් අද පෘථිවිල අසලින් යනවා

දැවැන්ත ග්‍රහකයක් අද (21) පෘථිවිය අසලින් යෑමට නියමිත බවත්, මෙම ග්‍රහකයේ ගමන් මඟ දශමයකින් හෝ වෙනස් වුවහොත්, එය පෘථිවියේ ගැටීමට ඉඩ ඇති බවත් ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි.

මෙම වසරේ පෘථිවිය අසලින් ගිය සහ යෑමට නියමිතව ඇති ග්‍රහක අතරින් විශාලතම ග්‍රහකය ලෙස මෙම ග්‍රහකය සැලකෙයි.

විද්‍යාඥයන් මෙය නම් කර ඇත්තේ 2001 FO32 යන නමිනි. මෙය පෘථිවිය අසලින් යනු ඇත්තේ පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන දෙකක් දුරිනි. එය සඳ සහ පෘථිවිය අතර දුර මෙන් පස් ගුණයකි.

2001 FO32 ග්‍රහකයේ විෂ්කම්භය මීටර් 680 ක් යැයි අනුමාන කෙරේ.

2001 FO32 ග්‍රහකයේ ගමන් මඟ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන නාසා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ග්‍රහකය සම්බන්ධයෙන් බියක් අති කර ගැනීමට අවශ්‍ය නැති බවත්, එය පෘථිවියේ හැපීමේ ඉඩක් නැති බවත්ය.

තාරකා විද්‍යාඥයන්ට 2001 FO32 ග්‍රහකය හමුවී ඇත්තේ 2001 වසරේදීය. 2001 FO32 ග්‍රහකය පෘථිවිය අසලින් ගමන් කරනු ඇත්තේ පැයට කිලෝ මීටර් 1,24,000 ක වේගයකිනි. මෙම දැවැන්ත ග්‍රහකය යළි පෘථිවිය අසලින් යනු ඇත්තේ 2025 වසරේදීය.

(රොයිටර්)



අදහස් (0)

දැවැන්ත ග්‍රහකයක් අද පෘථිවිල අසලින් යනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 50 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 134 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 957 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site