දෙදෙනාම සත්ත්ව ලෝකයේ දැවැන්තයෝය. තම පැටියාට අනතුරක් වේයැයි සිතූ රයිනෝ මව දැවැන්ත හස්ථියකු සමග පොරබදන්නේ තම දිවි පරදුවට තබමිනි. දැවැන්තයන් දෙදෙනාගේ සටන අවසන් වන්නේ රයිනෝ මව බිම ඇද වැටීමෙනි. රයිනෝ පරාජයට පත්වූ පසු අලියා ඉවත්ව ගියේය. තම මව සටන් කරන අයුරු විස්මිතව බලා සිටි රයිනෝ පැටවා මොහොතකින් මව අසළට පැමිණ ඇය අසළ දැවටෙන්නට විය. කෙඳිරිලි හඬ නගමින් දඟලමින් සිටි රයිනෝ මව පැය දෙකකට පමණ පසු නැගිට අපහසුවෙන් වනයට ගිය ද දින දෙකකට පමණ පසු ඇය මියගොස් සිටි බව දකුණු අප්‍රිකාවේ ප්‍රෙටෝරියා උද්‍යාන භාරකරු පවසයි. අලියාගේ ප්‍රහාරයෙන් ඇතිවූ තැලුම් තුවාල වලින් ම රයිනෝ මව මියයන්නට ඇතැයි ඔහුගේ අදහසයි.
හොඳින් වැඩුණු රයිනෝ මව හා මදකිපුණු දැවැන්ත හස්ථි රාජයාගේ ද්වන්ධ සටන ඡායාරූප ශිල්පියකුවන ලුයිස් කොක් සහ ඔහුගේ බිරිඳ මාර්තී විසින් ඡායාරූපයට නගා ඇත.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැවැන්තයෝ ද්වන්ධ සටනක
පිටිගල Wednesday, 24 September 2014 06:13 PM
ඔය වගේම සංවේදී සිද්ධි මිනිස් සමාජයේදීත් කොච්චර දකින්න පුලුවන්ද? (නි)
ක්‍රිෂාන් Thursday, 25 September 2014 06:19 AM
ෂහ් මම හිටියනම් බේරන්නවත් තිබුණ. (අ)
රජින්ද Tuesday, 23 September 2014 06:27 PM
අයියෝ... පව් අහිංසක රයිනෝ. කැලේ දේවල් කියල මේවා දිහා බලාගෙන ෆොටෝ ගහපු එක හොදයි. ඒත් ඉතින් කොහොම බේරන්නද?. (නදී)
රූපවතී Tuesday, 23 September 2014 07:08 PM
අනේ පව්! ඒ රයිනෝ අම්මාගේ ආත්මයට යහපතක්ම වේවා! මතු උපදින ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා! (නි)
සෙනරත් Tuesday, 23 September 2014 07:11 PM
කොතන වුණත් නැත මරු හට බාධා.... (නි)
මනෝජ් Friday, 26 September 2014 06:46 PM
හරිම දුකයි අම්මා කෙනෙකුට සිදුවූ දේට (නි)
පිටබැද්දර ජයා Wednesday, 24 September 2014 01:53 PM
කොයි අපායෙත් කෙලිය ඔහොම තමා හයිය හත්තිය තියෙන එකා දිනුම් (නදී)
ඉන්දු මෙල්බෙර්න් Wednesday, 24 September 2014 02:23 AM
අම්මව දාල පැටිය යන හැටි දැක්කම කඳුළු එනවා. මොනවා කරන්නද , මේ තමයි ස්වභාව ධර්මය. (නදී)
මල්කි Wednesday, 24 September 2014 04:32 AM
අහිංසක සතුන්ට මෙහෙම දෙයක් උනාම දැනෙන දුක දරන්න අපහස්‍ුයි. (ස)
නල Wednesday, 24 September 2014 04:46 AM
තිරිසන් අපාය අවබෝධ කර ගන්න මිතුරනේ...(දී)
විධුෂක Wednesday, 24 September 2014 05:40 PM
කැලෑවට ආවේණික වූ "න්‍යාය" නැවත වරක් ක්‍රියාත්මක වූ මොහොතකි. (නි)
විමල් Wednesday, 24 September 2014 05:40 PM
ලොකු සටනක් (දී)
විධුෂක Wednesday, 24 September 2014 05:43 PM
කැලෑවට ආවේනික වූ "මත්ස්‍ය න්‍යායය" නැවත වරක් ක්‍රියාත්මක වූ මොහොතකි. (දී)
අමිල Wednesday, 24 September 2014 05:36 AM
හැම අම්මා කෙනෙක්ම එහෙම තමා. එකනේ "අම්මා බුදු වේවා" කියන්නේ. තත්තා කෙනෙකුට එහෙම අහගන්න බෑනේ කවදාවත්ම. (දිල්)