IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දුවගේ දරුවා අම්මාගේ බඩේ

තම දියණිය අවසාන මොහොතේ කළ ඉල්ලීමට ඉටු කරලමින් ඇයගේ දරුවාට තම කුසයේ ඉඩ ලබාදීමට බ්‍රිතාන්‍යය ජාතික මවක් සැරසෙන්නීය.

මෙම කාන්තාවකගේ දියණිය බරපතල රෝගයකින් පීඩා විදිමින් සිට විසි අවුරුදු පමණ වයස් වන විටදී මියගොස් ඇත.තම රෝගය සුවවූ විට දරුවන් ලැබීමේ අපේක්ෂාවෙන් ඇය තම ඩිම්භ විශේෂ විද්‍යාගාරයක තැන්පත් කිරීමටත් කටයුතු කර තිබේ.

මියයන බව දැන තම දියණිය ඇයගේ දරුවන්ට මවක වන්නැයි තමන්ගෙන් ඉල්ලා සිටි බව මේ බ්‍රිතාන්‍යය ජාතික කාන්තාව කියන්නීය.

ඒ අනුව විද්‍යාගාරයේ තැන්පත් කර තිඛෙන ඩිම්භ දායකයෙකුගෙන් ලබාගන්නා ශුක්‍රාණු වලින් සංසේචනය කර මෙම කාන්තාවගේ කුසයේ තැන්පත් කිරීම සිදුවනු ඇත.දියණියගේ දරුවාව තම කුසයෙන් රක්ෂා කිරීමට ඇය සැළසුම් කර ඇත්තේ එසේය.

නමුත් බ්‍රිතාන්‍යයේ වෛද්‍ය ආයතන මේ කටයුත්තට හවුල්වීම ප්‍රතික්ෂේප කර ඇත.වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම වලට පටහැනිවීමද, 59 වැනි වියේ පසුවන මෙම කාන්තාවට දරු ගැබක් දරා සිටීමේ හැකියාව ඉතා අඩු බැවින් ඇයගේ ජීවිතයට මෙන්ම කුසයේ සිටින දරුවාගේ ජීවිතයටද දැඩි අවදානමක් එල්ල වීමද නිසා මේ සඳහා හවුල්වීමට තමන්ගේ කැමැත්තක් නැති බව එම ආයතනයන් පවසා තිබේ.

අවසානයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර වෛද්‍ය ආයතනයක් මෙහි වගකීම භාරගැනීමට කැමැත්ත පළ කර ඇත.ඒ පවුම් 60000 ක මුදලකටය.

දැන් මෙම කාන්තාව සැරසෙන්නේ ඇමරිකාව බලා යෑමටය.තම දියණියගේ අවසාන ඉල්ලීම කෙසේහෝ සපුරාලීම ඇයගේ අරමුණයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය ලොව විශාල කතිකාවතක්ද ගොඩ නැගී ඇත.දියණියගේ දරුවාට මව උපත ලබාදීම කිසිසේතම සදාචාරසම්පන්න නොවන බව පවසන වෛද්‍යවරුන් හා පර්යේෂකයින් අතර එය එම කාන්තාවගේ කැමැත්ත බවත් ඇයගේ කැමැත්ත ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බවත් පවසන කණ්ඩායමක්ද සිටී.

මින් පෙර අවස්ථාවක මෙලෙසම මවක් තම දියණියගේ දරුවා දරා සිටීමට තම කුසය ඇයට ලබා දුන්නාය.එකම වෙනස ඇයගේ දියණිය ඒ වන විටත් ජීවත්ව සිටීමය.

මෙම කාන්තාව සාර්ථකව සංසේචිත ඩිම්භ තම කුසයේ තැන්පත් කරගතහොත් මියගිය දියණියකගේ දරුවාට තම කුසය ලබාදුන් ලොව ප්‍රථම කාන්තාව ලෙස ඇය ඉතිහාසයට එක්වනු ඇත.



අදහස් (0)

දුවගේ දරුවා අම්මාගේ බඩේ

රොෂාන් Friday, 27 February 2015 01:41 PM

මේ සිද්ධියේ කිසිම වැරැද්දක් නෑ.(හේ)

:       0       0

ජෙහාන් Monday, 23 February 2015 01:09 PM

මේක මොකද්ද අපේ රටේ බලවත් කාන්තාවන් දෙපාරක් ඉපදුන බව සොයාගත්තේ එකේ. (හේ)

:       0       0

සංජු Tuesday, 24 February 2015 07:48 AM

මීට වඩා සංවේදීව හිතන්න, දුවගේ අවසාන ඉල්ලීම ගැන (නි)

:       0       0

සොපී Monday, 23 February 2015 06:43 AM

අබුද්දස්ස කාලෙනේ .... (නි)

:       0       0

සරත් Wednesday, 25 February 2015 11:40 AM

අනේ මේ රූපවති අපි නොදන්නා අාසියාතිකයෝ හා යුරෝපියෝ. ලංකාවේද හැදුනේ නැත්තම් එංගලන්තේද ? (නදී)

:       0       0

දුමින්ද Monday, 23 February 2015 07:00 AM

කොසොල් රජු දුටු විපරීත සිහින සැබෑ වෙන හැඩ.(හේ)

:       0       0

රූපවතී Monday, 23 February 2015 11:20 AM

මේ දෙස යතාර්ථයෙන් බැලුවොත් මට නම් වැටහෙන්නේ අපේ ආසියාතිකයින්ගෙයි, යුරෝපියයන්ගෙයි සිතීමේ හා ක්‍රියාවන්ගේ ඇති පරස් පර බවයි. තම දරුවකු මේලාවට බිහිකිරීමට සිහින දකිනවා මෙන්ම යුරෝපීයන් තම දරුවටත් අන් දරුවටත් එකම දයාබරත්වයකින් දැකීම මම ඔවුන් තුලින් දුටු විශේෂත්වකි. අප රටවල් දරිද්‍ර තාවයේ ඉහලට නගින තරමට මනුශ්‍යත්වයෙන් පහලටම ඇද වැටෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site