
ඉන්දියාවේ දිල්ලි, ගුජරාට සහ හිමාචල් ප්‍රාන්ත මැතිවරණවල ප්‍රතිඵල නිකුත් වුණු අතර, දිල්ලි ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට අරවින්ද් කෙජ්රිවාල්ගේ ‘ආම් ආද්මී’ පක්ෂය සමත් විය.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂය’ ගුජරාටයේ බලය තහවුරු කර ගත්තේ විශිෂ්ට අයුරිනි. හිමාචල් ප්‍රාන්තයේ බලය තහවුරු කර ගැනීමට රාහුල් ගාන්ධි විසින් මෙහෙයවනු ලැබූ ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂය සමත් විය. 2012 සිට හිමාචල් ප්‍රාන්තයේ බලයේ සිටින්නේ ‘කොංග්‍රස්’ පක්ෂයයි.
නවදිල්ලි අගනුවර ද අයත් දිල්ලියේ මහ ඇමැති ධුරය හොබවන්නේ ද කෙජ්රිවාල්ය. දිල්ලි ප්‍රාන්ත සභාවේ ආසන 250 කි. ආම් ආද්මී පක්ෂය ආසන 134 ක් දිනා ගත්තේය. අග්‍රාමාත්‍ය මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 104 කි. ‘කොංග්‍රස්’ පක්ෂයට හිමිවූයේ ආසන 9 කි.
ගුජරාට ප්‍රාන්තය ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි උපන් ප්‍රාන්තයයි. මෙවර ගුජරාට පමැතිවරණයට ද ප්‍රථම වරට ‘ආම් ආද්මී’ පක්ෂය ඉදිරිපත් විය. ඒ, මෝදිගේ ‘භාරතීය ජනතා පක්ෂයට’ අභියෝග කරමිනි. කෙසේ නමුත්, ‘භාරතීය ජනතා පක්ෂය’ ගුජරාට ප්‍රාන්තයේ අති විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය. ගුජරාට ප්‍රාන්තයේ ආසන 182 කි.
භාරතීය ජනතා පක්ෂය හිමි කරගත් ආසන ගණන 154 කි. එය විශිෂ්ට ජයක් බව පැවැසෙයි. අවසන් වරට 2017 දී පැවැති ගුජරාට මැතිවරණයේ දී ‘භාරතීය ජනතා පක්ෂය’ දිනා ගත්තේ ආසන ගණන 99 කි. දෙවැනි ස්ථානයට පත් වූයේ ‘කොංග්‍රස්’ පක්ෂයයි. ‘කොංග්‍රසය’ ආසන 19 කි. ‘ආම් ආද්මී’ පක්ෂය තෙවැනි ස්ථානයට පත්විය ඒ ආසන 3 ක් දිනා ගනිමිනි.
හිමාචල් ප්‍රාන්ත මැතිවරණයට ද ‘ආම් ආද්මී’ පක්ෂය ඉදිරිපත් විය. කෙසේ නමුත් කිසිදු ආසනයක් දිනා ගැනීමට ඔවුන්ට නොහැකි විය. හිමාචල් ප්‍රාන්ත සභාවේ ආසන 68 කි. ‘කොංග්‍රසය’ හිමාචල් ප්‍රාන්තයේ බලය තහවුරු කර ගත්තේ ආසන 36 කට වඩා දිනා ගනිමිනි. ‘භාරතීය ජනතා පක්ෂය’ දිනාගත් ආසන ගණන 29 කි.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිල්ලිය කෙජ්රිවාල්ට; ගුජරාටය මෝදිට; හිමාචල් රාහුල්ට