IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දලයි ලාමාට අනතුරක් කරන්න චීන රජය උත්සාහ ගන්නවා

ටිබෙට් ආධ්‍යාත්මික නායක දලයි ලාමාතුමන්ගේ රුධිර, මුත‍්‍රා සහ හිස කෙස් සාම්පල එකතු කරමින්, චීන ඒජන්තවරුන් එතුමන්ට අනතුරක් කිරීමට උත්සාහ ගන්නා බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ටිබෙට් බලධාරීහු පවසති. තමා ඝාතනය කිරීමට චීන ඒජන්තවරුන් කුමන්ත‍්‍රණය කරන බව ටිබෙටයෙන් පලාවිත්, හිමාලය කඳු පාමුල ඉන්දියාවට අයත් ධර්මශාලා ආශ‍්‍රමයේ වෙසෙන ටිබෙට් ආධ්‍යාත්මික නායකතුමන් ද මීට පෙර අවස්ථා කිහිපයකදී පවසා ඇත. දලයි ලාමා ඝාතන සැලැස්මට තරුණියන් පිරිසක් ඒජන්තවරුන් ලෙස බඳවා පුහුණුව ලබා දෙන බවත් එම තරුණියන් දලයි ලාමාගේ බැතිමතුන් ලෙස වෙස් ගන්වා එතුමන්ට විපතක් කිරීමට ධර්මශාලා ආශ‍්‍රමයට එවීමට සැලැස්මක් ඇති බවත් ටිබෙට් බලධාරීහු පෙන්වා දෙති. චීනය පවසන්නේ ටිබෙටය ඔවුන්ට අයත් බවය. එහෙත් ටිබෙටය ස්වාධීන රාජ්‍යයක් යැයි පවසමින් ටිබෙට් ජාතිකයෝ නිරන්තරයෙන් චීනයට එරෙහි විරෝධතා පවත්වති. චීන රජයේ අඩන්තේට්ටම්වලට විරෝධය පළ කරමින්, ඉන්දියාවට පිටුවහල් වී සිටින ටිබෙට් ජාතිකයන් 30 දෙනකු මේ වනවිට සිරුරුවලට ගිනි තබාගෙන විරෝධතා පළ කර තිබේ.



අදහස් (0)

දලයි ලාමාට අනතුරක් කරන්න චීන රජය උත්සාහ ගන්නවා

සමන්ත Wednesday, 23 May 2012 03:01 PM

ඔබට තෙරුවන් සර්ණයි ...!

:       0       0

සන්ජී Wednesday, 23 May 2012 03:31 PM

ඔබට සිරි දළදා සමිදු පිහිටයි

:       0       0

ප්‍රියලාල් සිල්වා Wednesday, 23 May 2012 12:00 PM

දලයි ලාමා කියන්නේ උතුම් හමුදා නායකයෙක්.අපි එතුමාට ගරු කරනවා

:       0       0

විරාජ් Thursday, 24 May 2012 10:36 AM

ඔබට සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ලැබේවා!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site