IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දරු පෙම හමුවේ නපුරුකම පැන යයි

මුව පොව්වෙකුට දාරක ස්නේහයෙන් සළකන ව්‍යාඝ‍්‍ර ධේනුවක දැකවෙන ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්ව තිබේ.

ඉන්දියාවේ ටඩෝබා අන්හාරි ව්‍යාඝ‍්‍ර අභය භූමියේදී ගත් මේ ඡායාරූපයන්ගේ ගැබ්බර ව්‍යාඝ‍්‍ර දෙනක් මුව පොව්වෙකුට තමන්ගේම පැටවෙකුට සේ සළකනු සටහන්ව ඇත.

මුව පොව්වාව ලෙව කනු,පිරිමදිනු,ව්‍යාඝ‍්‍ර පැටවෙකු ගෙනයන්නා සේ ගෙලෙන් අල්ලාගෙන ඔසවාගෙන යනු ආදී ඡුායාරූපයන් රැසක් මේ අතර තිබේ.

මේ ඡායාරූප ගනු ලැබ ඇත්තේ අභයභූමිය නැරඹීමට පැමිණි සංචාරකයෙකු වන පවන් මෙනොන්ය. ව්‍යාඝ‍්‍ර ධේනුව හා මුව පැටවා පැය භාගයක් පමණ සෙල්ලමේ යෙදී සිටි බව ඔහු පවසයි.

බිහිසුණු දඩයක්කරුවා හමුවේ මුව පොව්වා නම් සිටියේ බියට පත්ව වුවත් ව්‍යාඝ‍්‍ර ධේනුවටනම් පැටවා මරා දැමිීමේ කිසිදු වුවමනාවක් පෙනෙන්නට නොතිබූ බව ඔහු කියයි.

මෙනොන් පවසන ආකාරයට සෙල්ලම අවසානයේ ව්‍යාඝ‍්‍ර ධේනුවම මුව පොව්වාව තම හොම්බෙන් ඇන තල්ලූ කරමින් පිටව යන ලෙස පවසා ඇත.

මාංශ භක්ෂකයින් වුවත් දඩයම් කරන්නේ අවශ්‍ය වෙලාවට පමණක් බව පෙන්වන හොඳ අවස්ථාවක් ලෙස මෙනන් මේ සිදුවීම දකී.

1411822115289_wps_1_MAHARASHTRA_INDIA_SEPTEMB 1411822124034_wps_2_MAHARASHTRA_INDIA_SEPTEMB 1411822130461_wps_3_MAHARASHTRA_INDIA_SEPTEMB 1411822137264_wps_4_MAHARASHTRA_INDIA_SEPTEMB 1411822144932_wps_5_MAHARASHTRA_INDIA_SEPTEMB 1411822152961_wps_6_MAHARASHTRA_INDIA_SEPTEMB



අදහස් (0)

දරු පෙම හමුවේ නපුරුකම පැන යයි

අචිනි Tuesday, 30 September 2014 12:46 AM

ලොකු වුණාම කසාද බදින්න පොඩි කාලේ අරගෙන යනවා වගේ ලොකු වුණාම කන්න හිතාගෙන බලාගන්නවාද දන්නේ නැහැ. මිනිස්සු එහෙම කළාට සතුන් එහෙම කරන්නේ නැහැ. (නි)

:       0       0

රාමනායක කුමාරසිරි Monday, 29 September 2014 04:37 AM

ඉතාම හොඳ ආදර්ශයක් .(දී)

:       0       0

අනිල් Tuesday, 30 September 2014 03:21 AM

බිහාර , මේ වගේ මෝඩ අදහස් , සිතුවිලි ඔයාගේ ඔළුවට ගලා එන විට ඔබ මෝඩයි කියල හිතෙනවා ටිකක් කල්පනා කරන්න සහෝදරයා (දී)

:       0       0

රජීව් Tuesday, 30 September 2014 09:53 AM

ඉතා සුන්දර දසුනක් (දී)

:       0       0

ධම්මික Sunday, 28 September 2014 05:46 PM

මේවා කොසොල්රජුගේ හීන 16 නොතිබුනාට හරියට ඒවගේමයි. විපරිත කාලෙට ඔහොම වෙනවා. (දී)

:       0       0

චින්තක Tuesday, 30 September 2014 04:49 AM

මෝඩ නෙවි. ඔය ලිව්වේ බිහාර ගේ ක්‍රමයක් වෙන්නේ ඕන. (දී)

:       0       0

රජින්ද Sunday, 28 September 2014 09:02 PM

මේ පුවත් සිහිබුද්ධියෙන් අසන, දකින නුවණැත්තෝ වහ වහා සිදුවන දෙය සහ සිදුවන්නට යන දේ වටහා ගනිත්වා! මනුෂ්‍යයා දුගතිගාමී වීමේ යුගය එලඹෙමින් ඇත. (නි)

:       0       0

දයා Sunday, 28 September 2014 10:11 AM

හරිම ලස්සන දසුනක්.(දී)

:       0       0

ගාමිණී සිරිවර්දන Sunday, 28 September 2014 10:17 AM

සත්වයින්ගේ ඇති දරු ස්නේහය අද ලෝකයේ සමහර මෑණි වරුන් අතින් ගිලිහී ගොස්ය .දුර්ලභ ඝණයේ ආදර්ශමත් පින්තුර කාරණයක් !(දී)

:       0       0

සුමින්ද Tuesday, 30 September 2014 05:35 AM

කකුල් දෙකේ කොටි මෙහේම කරාද (දී)

:       0       0

නුවන්ගි Tuesday, 30 September 2014 05:55 AM

ඇසට කඳුළු උනන දසුන් (දී)

:       0       0

බිහාර Monday, 29 September 2014 12:32 AM

පැටවා පසුපස මව ගෙන්වා ගැනීම අදහස වෙන්න බැරිද? (නි)

:       0       0

රාණී Wednesday, 01 October 2014 03:09 AM

පැටව් ලොකු උනාට පස්සේ කන්න හිතාගන ද දන්නේ නැහැ. විශ්වාස කරන්න අමාරු යුගයක් (නදී)

:       0       0

වසන්ත Monday, 29 September 2014 05:35 PM

පුදුමයි! කොච්චර ලස්සන දසුනක්ද? මම දැකලා තියෙනවා සමහර සත්තු මුව පැටවුන් ඉපදුන ගමන්ම කනවා. මේ සිද්ධිය දකිනකොට සෙනෙහස දෝර ගලනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site