IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


දරුවන්ට වැළඳෙන අසාමාන්‍ය රෝග තත්ත්වයක් බ්‍රිතාන්‍යයෙන්

කොරෝනා වයිරස ආසාදනයට සම්බන්ද විය හැකියැයි සැලකෙන ළමුන් තුළ ඇතිවන අසාමාන්‍ය රෝගී තත්ත්වයක් සම්බන්දව සොයාබලන ලෙස බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය එරට වෛද්‍යවරුන්ට අනතුරු අඟවා ඇත.

ලන්ඩනයේ සහ එක්සත් රාජධානියේ සමහර පෙදෙස්වල දැඩි සත්කාර ඒකක තුළ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත දරුණු ලෙස රෝගී වූ දරුවන් කිහිපදෙනකු ප්‍රතිකාර ලබමින් සිටින හෙයින් මෙම හදිසි අනතුරු ඇඟවීම සිදුකර තිබේ.

මොවුන්ට උණ සහිත රෝග ලක්ෂණ තිබෙන බවත් අවයව කිහිපයක ඉදිමුම සහිත දැවිල්ලක් ඇතිවන බවත් සඳහන් වේ.

සමහරුන්ට ආමාෂ හා ආන්ත්‍රික රෝග ලක්ෂණ වන උදරයේ වේදනාව, වමනය හෝ පාවනය සහ හදවතේ දැවිල්ල මෙන්ම අසාමාන්‍ය රුධිර පරීක්ෂණ ප්‍රථිඵල ද පෙන්නුම් කර ඇත.

මෙම රෝග ලක්ෂණ සහිත දරුවන් සමහරක් කොරෝනා වයිරස ආසාදිතයන් බවද තහවුරු වී ඇත.

කෙසේවුවද මෙම තත්ත්වයන්ගෙන් පෙළෙන ළමුන් සංඛ්‍යාව අනාවරණය කර නොමැත.

එංගලන්තයේ වෛද්‍ය අධ්‍යක්ෂ ස්ටීවන් පවිස් පැවසුවේ ළමුන් තුළ ඇතිවන දරුණු එහෙත් දුර්ලභ රෝගාබාධයක් පිළිබඳව වාර්තා වී ඇති බවත් මෙය හදිසි කාරණාවක් ලෙස සලකා සොයා බලන ලෙස විශේෂඥයින්ගෙන් ඉල්ලා සිටි බවත්ය. 

ස්පාඤ්ඤයේ සහ ඉතාලියේ ද මෙවැනිම සිද්ධීන් වාර්තාකර ඇති බව කේම්බ්‍රිජ් හි ළමා දැඩිසත්කාර පිළිබඳ උපදේශක වෛද්‍ය නසීමා පතන් පවසයි.

කෙසේවුවද එංගලන්තයෙන් මෙවැනි සිද්ධීන් වාර්තා වී ඇත්තේ 20කට අඩු සංඛ්‍යාවක් බව ජාතික සෞඛ්‍ය සේවය පවසයි.

රෝගීන්ට අදාලව පරීක්ෂණ දිගටම කරගෙන යන බවත් මෙතෙක් කිසිදු සම්බන්දයක් සොයාගෙන නොමැති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

දරුවන් අසනීප වන්නේ නම් එය කොරෝනා වයිරසයට වඩා වෙනත් රෝගයක් වියහැකි හෙයින් වඩාත් අවධානයෙන් සිටින ලෙස බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය එරට දෙමාපියන්ට උපදෙස් දී තිබේ.


(බීබීසි ඇසුරිණි - 085)
 



අදහස් (0)

දරුවන්ට වැළඳෙන අසාමාන්‍ය රෝග තත්ත්වයක් බ්‍රිතාන්‍යයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 485 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 475 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site