දැරියක මෙලොව එළිය දකින වාරයක් පාසා එය සැමරීමට අලූතින් ගස් 111 ක් සිටුවන පිළිවෙතක් අනුගමනය කරන ගම්මානයක් ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ තිබේ.
පිප්ලන්ති්‍ර නම් වන මෙම කුඩා ගම්මානයේ වාසය කරන්නන්ගේ ගණනද කුඩාය.නමුත් ඔවුන් මුලූ ඉන්දියාවටම සපයන ආදර්ශය නම් සුලූවෙන් තැකිය නොහැකිය.
දැරියක් උපදින විට ඇය වෙනුවෙන් විවිධ ගස් වර්ග 111 සිටුවීමේ මෙම පිළිවෙත ඔවුන් අනුගමනය කරන්නේ 2006 වසරේ සිටය.තම මියගිය දියණිය සිහිකරනු වස් එවක පිප්ලන්ති්‍රහි ගම්පති තැන ගස් වර්ග 111 සිටුවා ඇති අතර ඔහු අනුගමනය කළ ගම්වැසියෝද තම දියණියන් සිහිකිරීමට ගස් සිටුවීමට පටන්ගෙන ඇත.පසුව දැරියක් මියගියාට පසු නොව ඇය මෙලොව එළිය දැකීම සමරනු වස් ගස් සිටුවීමට ඔවුන් පුරුදුව තිබේ.
අඹ,රත්හදුන් ආදී ශාඛයන් මෙලෙස සිටුවෙන ගස් අතර ප්‍රධාන තැනක් ගනී.අදාළ දැරිය වැඩිවියට පත්වූ විට ඇය වෙනුවෙන් සිටුවන ලද ගස් වල අයිතිය ඇයට පවරාදීම සිදුවේ.
මෙම කටයුතු අධීක්ෂණය කිරීමට ගම්වැසියන්ම ඇතිකරගෙන සිටින වෙනම මණ්ඩලයක් ගම්මානයේ තිබේ.මෙම මණ්ඩලයේ වගකීම වන්නේ දැරියක උපන් පසු ඇය වෙනුවෙන් ගස් සිටුවීමත්,ඇය වැඩිවියට පත්වන තෙක් එම ගස් ආරක්ෂා කිරීමත්ය.ඊට අමතරව ගම්මානයේ පවුලකට දැරියක උපන්නද එම පවුල ගැහැණු දරුවන්ට වැඩි කැමැත්තක් දක්වන්නේ නැති බව පෙනී ගියහොත් එම දැරිය වෙනුවෙන් අරමුදලක් පිහිටුවීමටත්,නිසි වයස් පැමිණෙන තෙක් ඇයට ආරක්ෂාව හා අධ්‍යාපනය ලබාදීමට දෙමව්පියන්ගෙන් දිව්රුම් ප්‍රකාශයක් ලබාගැනීමටත් මෙම මණ්ඩලය කටයුතු කරයි.
වසර ගණනක් තිස්සේ අනුගමනය කරන මෙම පිළිවෙතට පින්සිදු වන්නට දැන් තමන්ගේම කියා කුඩා වනාන්තරයකට හිමිකම් කියන්නට පිප්ලන්ති්‍ර ගම්වැසියන්ට හැකියාව ලැබී ඇත.
කාන්තා දුූෂණ වැඩියෙන්ම සිදුවන රටක් ලෙස නමක් දිනාගෙන සිටින,කාන්තාවන් පහත් කොට සළකන,ඔවුනට පීඩා කරන සමාජයක් ඇති ඉන්දියාවට එහිම තිඛෙන කුඩා ගම්මානයකින් ගත හැකි ආදර්ශනම් බොහෝය.
2025 නොවැම්බර් මස 04
457
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2210
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැරියකගේ උපත සමග ගස් 111ක්
සොපී Wednesday, 08 April 2015 07:41 AM
මේවගේ ගමක් මුළු ලෝකයක් තරම් වටිනවනේ ....(ම)
දීපිකා Wednesday, 08 April 2015 08:52 AM
මේ වගේ දෙයක් අපේ මිනිස්සුන්ටත් ඉක්මනින්ම හිතෙන්න මොලේ පෑදේවා. අනේ ඒ ගමට මටත් යන්න තියෙනවා නම් කොයි තරම් වාසනාවක්ද? (ස)
සුනිල් Wednesday, 08 April 2015 02:45 AM
ඉන්දියාව ලෝකෙට බණ කිවුවාට තවම ඉන්නේ ක්‍රි.පූ. යුගයේ. කාන්තාවන්ට ඉතා පහත් විදිහට සළකන්නේ. ස්ත්‍රී දූෂණ වැඩිම රට. මෙහෙම දෙයක් අහන්න ලැබීමත් සතුටක්. (නි)
චන්ද්‍රපාල Thursday, 09 April 2015 04:17 AM
අපි ඒ රටට යනවට වැඩිය අපේ රටේ ඒවගෙ දෙයක් කරමු. (ස)
සී කෝදගොඩ Thursday, 09 April 2015 04:21 AM
අපි කාගෙවත් මොල ගැන නොසිතා මේවගේ දෙයක් කරන්න බලමු. (ස)
දුමින්ද Tuesday, 07 April 2015 07:39 AM
සොබා දහම දරුවන්ගෙන් ණයට ඉල්ලා ගත් වත්කමකි (බ)
ගමගේ Thursday, 09 April 2015 07:41 AM
ලංකාවේ නම් දුලට ගෙවල් හදන්න කියලා බාප්පලා මාමලා හොරෙන් ගස් කපාගන්නවා. (නි)