IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


දුරදිග ඉලක්ක වනසන ලේසර් අවියක්

සැතපුම් 3 ක් දුරින් තිබෙන සතුරු ඉලක්ක විනාශ කළ හැකි නව ලේසර් කිරණ අවියක් ඉතා සාර්ථකව අත්හදා බැලූ බව ප‍්‍රහාරක යානා හා නව තාක්ෂණික ගිනි අවි නිපදවීම සම්බන්ධයෙන් ප‍්‍රකට ඇමරිකා සමාගමක් වන ලොක්හීඞ් මාර්ටින් සමාගම කියයි.

ලේසර් අවි වලින් භාවිතය ලොවට අලූත් දෙයක් නොවූවද මෙම නව ලේසර් අවිය සැහැල්ලූ හා වඩා කාර්යක්ෂම බව පැවසේ.එනිසාම දැනට භාවිතයේ ඇති ලේසර් අවි ගොඩබිම සවිකිරීමට හෝ විසල් යුධ නෞකා වල සවිකිරීමට හෝ සිදුව ඇතත් මෙම නව අවි ගුවන්යානා හා හෙලිකොප්ටර යානා ආදියටද සවිකළ හැකිබව සඳහන්ය.

සාම්ප‍්‍රදායික ලේසර් අවියේ එන විසල් කිරණ ජනකයකින් ජනනය වන තනි ලේසර් කදම්භය වෙනුවට මෙම අවියේ භාවිතා වන්නේ කුඩා කුඩා ලේසර් කිරණ ජනක රාශියකින් ජනනය වන ලේසර් කිරණ එකතුකර තනාගෙන ඇති තනි කදම්භයකි.මෙනිසා අවිය කි‍්‍රයාත්මක කිරීමට යෙදිය යුතු බලය සැළකිය යුතු ලෙස අඩුකරගැනීමට හැකිව තිබෙන බව ලොක්හීඞ් සමාගම පවසයි.

කෙටි දුර ප‍්‍රහාරයන් සදහා මෙම නව අවිය ඉතාම ප‍්‍රයෝජනවත් වනු ඇති බවට යුද විශේෂඥයින් දැනටමත් අනාවැකි පළකර තිබේ.

265853A700000578-2980966-The_laser_known_as_Athena_was_built_by_Maryland_based_security_f-a-2_1425559490215 DSC_2369



අදහස් (0)

දුරදිග ඉලක්ක වනසන ලේසර් අවියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 449 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site