තම දුරකථනය සොරාගත් තැනැත්තිය තම පෙම්වතිය කර ගැනීමට මාන බලන්නෙකි ස්විස් ජාතික නික්ලස් කනේච්ට්.
නික්ලස් පවසන ආකාරයට ඔහුගේ දුරකථනය ස්විට්සර්ලන්තයේ සූරිච් නුවරදී සොරකම් කර දැනට මාස 2 ක් පමණ ගතවී ඇත.නමුත් පසුගිය දින කිහිපයක සිට නික්ලස්ගේ අන්තර්ජාල ඡායාරූප ගිණුමට ලැඛෙන්නට වූ සුරූපී තරුණියකගේ ඡායාරූපයන් ගැන විමසිලිමත්වූ ඔහුට සොයා ගැනීමට හැකිව තිඛෙන්නේ තම දුරකථනය ‘සොරා‘ ගෙන ඇත්තේ ඇය බවයි.
දුරකථනයේ කැමරාවෙන් ගනු ලබන ඡායාරූපයන් ස්වයංක්රීමයවම තම අන්තර්ජාල ඡායාරූප ගිණුමට එක්වන සේ සකසා තිබීම නිසාවෙන් මෙසේ ඇය ගන්නා ඡායාරූප තමන් වෙත ලැඛෙන බව නික්ලස් කියයි.
‘ඇයට අමතක වෙලා වගෙයි මේ අංගය කි්ර යාවිරහිත කරන්න.ඇය ගන්නා ඡායාරූප ඔක්කොම මට ලැඛෙනවා. ‘යැයි නික්ලස් පවසයි.
‘සොරා‘ අල්ලාගෙන තම දුරකථනය ලබාගන්නවා වෙනුවට නික්ලස්ට දැන් ඇත්තේ වෙනත් අදහසකි.
‘ඇය මගේ පෙම්වතිය වනවා නම් මේ දුරකථන පළහිලව්ව අමතක කරල දමන්න මම ලෑස්ති වෙලා ඉන්‘ නික්ලස් අපේක්ෂාසහතව කියයි.
දුරකථනය දැන් ඇත්තේ ස්විට්සර්ලන්තයෙන් බොහෝ ඈත මොරොක්කෝවේ බව නික්ලස් අනුමාන කරයි.ඒ ඔහුගේ zzසිහිනzz පෙම්වතිය මොරොක්කෝ ජාතික ඇදුමින් සැරසී සිටිනු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද ඔහුට ලැබී ඇති බැවිනි.
ඇය කවරෙක්ද යන්න සොයාගැනීමට නික්ලස් ෆේස්බුක් පිටුවක්ද අරඹා ඇත.
‘මම හිතන්නේ නැහැ ඇයම මගේ දුරකථනය සොරාගත්තා කියලා.කවුරුහරි මගේ දුරකථනය සොරාගත් තැනැත්තාගෙන් ඇත්ත නොදැන ඇය එය මිලයට ගන්න ඇති.මට දැන් දුරකථනය වුවමනා නැහැ.ඇයව ලැඛෙනවනම් එච්චරයි‘ නික්ලස් පවසන්නේ සිනාමුසුවය.
ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.
චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ
ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දුරකතන හෙර ගෙදරට එන්නයි යන්නේ
සිරියලතා Tuesday, 29 October 2013 04:04 PM
මෙයාට ඕන රටකින් මනමාලියක් ගන්න පුළුවන්. නමුත් ඔයා මොරොක්කෝ රටෙන් ගන්න එකනම් ඇඟට ගුණ නැහැ. (ස)
කාන්ත Tuesday, 29 October 2013 09:55 PM
රිස්වාන් ගෙ කතාව සහතික ඇත්ත (ස)
රිස්වාන් ඩුබායි Tuesday, 29 October 2013 04:21 PM
ඇයි සිරියලතා ඉරිසියාවද? ලෝකේ ලස්සනම කෙල්ලෝ ඉන්නේ මොරොක්කෝවේ. (ස)
චන්ද්‍රසිරි Wednesday, 30 October 2013 01:10 AM
මොරෙකේකෝවේ අය වැඩිපුර කන්නේ මුරුක්කු.(නදී)
උදය Wednesday, 30 October 2013 02:54 AM
ඔය මොරොක්කෝවේ මිනිස්සු අමෙරිකාවේ ඇවිත් හොර වැඩ කරනවා. රිස්වාන් මෙහෙ ඉන්න හොරු එක්කෝ මොරොක්කෝවේ නැත් නම් පකිස්තාන් වල (නදී)
වන්නි තිලක් Tuesday, 29 October 2013 06:33 PM
මොරොක්කෝවත් අරාබි රටක්. (නි)
සිරියලතා Tuesday, 29 October 2013 06:54 PM
රිස්වාන්,මට නම් ඊර්ෂ්‍යාවක් නැහැ (නි)
මධු Wednesday, 30 October 2013 08:04 AM
මිනිසාට හැම දේම අමතක වෙනවා ස්ත්‍රී රූපයට.(නදී)
කුමාරි Tuesday, 29 October 2013 02:53 PM
මං මුලා වෙලා....... අඳුරේ මේ...... යන්නෙ කොහේ දැන්.... අප සැමා.......... (ස)
පෙරේරා Tuesday, 29 October 2013 08:05 PM
යන්නෙ කොහේ දැන් මංමුලා වෙලා.... (නි)
දොන්සේතං Tuesday, 29 October 2013 03:14 PM
අනේ කුමාරි ඔයා ඕවට පැටලෙන්න යන්න එපා. (ස)
ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 29 October 2013 08:22 PM
රිස්වාන් ඩුබායි,ලෝකයේ ලස්සනම කාන්තාවන් ඉන්නේ සිරියාව, ටියුනීසියාව හා වෙනිසුලා වගේ රටවල් වල. මොරොක්කෝවත් ලස්සනයි (නි)
වසන්ත Tuesday, 29 October 2013 03:21 PM
පින්තුරයක් දැම්මා නම් තමා හොඳ. අපේ ආච්චිත් ලඟදි පොන් එකක් ගත්තා. (ස)
රානා Wednesday, 30 October 2013 09:22 AM
මේ ජරා ටෙලි ඩ්‍රාමා අතරට ඔන්න හදනවනම් මාරු කතාවක්, තව ලුණු ඇඹුල් ටිකක් දමලා ගත්තොත් එලම තමයි. (නදී)