IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දුම්බීම නවත්වන්න ඉතාලි අගමැතිනියට උපදෙස්

ඊශ්‍රායල හමාස් ගැටුම අවසන් කිරීමේ අරමුණින් ඊජිප්තුවේ රතු මුහුද ආශ්‍රිත ෂාර්ම් එල් ෂෙයින් නගරයේ පැවැත්වුණු සාම සමුළුවට සහභාගීවීමට ගිය ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලොනිට, එම සමුළුවට එක් වුණු තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගෙන් උපදෙසක් ලැබුණි. ඒ, දුම්පානය වහා නවත්වන ලෙසටය.

48 හැවිරිදි මෙලොනි, දැඩි ලෙස දුම්පානය කරන තැනැත්තියක බව ප්‍රකටය. තමන් ලෝක නායකයන් සමඟ කරටකර ගැටෙමින් කටයුතු කිරීමට දුම්පානය ඉවහල් වන බව මෙලොනි හේතු වශයෙන් පවසා ඇත.

සාම සමුළුවට සමගාමීව, ඊට සහභාගී වුණු නායකයන් අතරේ සුහද හමුවක් පැවැත්විණි. දුම්පානය නවත්වන්නැයි තුර්කි ජනාධිපතිවරයා ඉතාලි අග්‍රාමාත්‍යවරයාට කීවේ එහිදීය. එම අවස්ථාවේ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද එහි විය. ඔහු කීවේ, මෙලොනිට, ඒක නම් කීයටවත් කරන්න බැරිවේවි යනුවෙනි.

තුර්කියේ දුම්පානය නැවැත්වීමට තුර්කි ජනාධිපති එර්දොවාන් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. තරුණ ප්‍රජාව ද්‍රම්පානයෙන් ඈත් කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ යැයි පැවැසෙයි. 2028 වසර වෙද්දී තුර්කිය දුම් වැටියෙන් තොර තැනක් කිරීම තම අරමුණ බව තුර්කි ජනාධිපතිවරයා ප්‍රතිඥා දී ඇත.



අදහස් (0)

දුම්බීම නවත්වන්න ඉතාලි අගමැතිනියට උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 33 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 123 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site