දෙපයින් නැගී සිටීමටත්, තත්පර ගණනකදී මෝටර් රථයක් බවට පත්වීමටත් හැකි අපූරු රොබෝවෙකු නිර්මාණය කිරීමට ජපාන සමාගමක් සමත්ව තිබේ.
වරෙක සාමාන්‍ය රොබෝවෙකු සේම දෙපයින් ඇවිද යන මේ රොබෝවා විධානය ලබා දුන් සැණින් තම හිස ඉදිරියට නමා,දෙඅත් ඉදිරියට ගෙන පහළට නැවී මෝටර් රථයක් බවට පරිවර්තනය වේ.
ඇවිද යන විට පැයට කිලෝමිටර 1 ක වේගයක්ද මෝටර් රථයක් බවට පරිවර්තනයවූ විට පැයට කිලෝමිටර 10 ක වේගයක්ද මෙම රොබෝවාට ඇතැයි සඳහන්ය.
රොබෝවා 16.4 ක් උසට නිර්මානය කිරීමට සැළසුම් කර තිබෙන අතර දැනට ආදර්ශයක් ලෙස නිර්මාණය කර තිබෙන මේ රොබෝවාගේ උස අඩි 4.3 කි.
මෙවැනි රොබෝවරුන් පර්යේෂණ කටයුතු,දිවි ගලවා ගැනීමේ කටයුතු සදහා යොදාගත හැකි බව විද්වත්හු පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙපයිනුත් නැගිටී
නලීන් Monday, 27 October 2014 03:58 AM
අයියෝ! අපෙත් ඉන්නේ... ගමට ආවිට මල්මාලා මැද්දේ පැයට කිලෝමීටර 1යි. ඔය සංකල්පය ජපනා හොරකම් කරලා තියෙන්නේ අපෙන් (නි)
ඉසුරන්දි Monday, 27 October 2014 04:27 AM
මම නම් මේ වගේ දේවල් දැක්කේ ඉංග්‍රීසි චිත්‍රපට තුලින්. දැන් දැන් හැබෑවටම දකින්න අහන්න ලැබෙනවා මේ රොබෝ ගැන (නදී)
කාවිංග Monday, 27 October 2014 06:25 AM
අප අය ට ඕක හම්බුනොත් මස් කරයි ජපනයටවත් හොයාගන්න බැරි විදිහට (බ)
සමන්ති Tuesday, 28 October 2014 12:15 PM
මෙහෙත් ඉන්නවා උදේට දෙපයින් ගොස් සවසට බාර් එක ලඟදි පාද හතරක් වෙන.(හේ)
තුෂාර Tuesday, 28 October 2014 05:28 AM
හරි හරි ඔහොම ඉන්න අපේ එවුනුත් හෙට අනිත්දට ජපනත් පරද්දයි වේගා හැදුවට පස්සේ ..... එතකොට තමයි ජපනාට අඩන්න වෙන්නේ.....(ස)
ප්‍රසන්න. Monday, 27 October 2014 12:22 PM
ජපනා හපනා. (අ)