බ්‍රිතාන්‍යයේ ජාතිකයකුගේ සිරුරේ දින 411 ක් ‘කොවිඞ් 19’ වයිරසය පැවැති බව වාර්තා වේ. වෛද්‍ය පර්යේෂකයන් මේ වනවිට එම පුද්ගලයාගේ ජාන කේත පරීක්ෂාවට ලක් කරන බවත්, ඒ අනුව, ‘කොවිඞ් 19’ සඳහා වඩාත් සාර්ථක ප්‍රතිකර්මයක් සොයා ගැනීමට හැකිවනු ඇති බවත් පැවැසෙයි.
‘කොවිඞ් 19’ වසංගය මේ වනවිට සැර බාල වී ඇති අතර, බොහෝ දෙනකුට එය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් පමණි. එසේ වුවත් ඇතැමුන්ට නියුමෝනියා තත්ත්වයක් දක්වා වයිරස ආසාදනය දුරදිග යෑමේ හැකියාවය.
දින 411 කි තිස්සේ ‘කොවිඞ් 19’ ආසාදනය වූ මෙම 59 හැවිරිදි පුද්ගලයා සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන්නේ බ්‍රිතාන්‍යයේ ශාන් තෝහස් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ය.
මුලික පර්යේෂණවලින් තහවුරු වී ඇති අන්දමට මෙම තැනැත්තාට ආසාදනය වී ඇත්තේ ‘කොවිඞ් 19 බී 1’ ප්‍රභේදයයි. පසුව එය ඔහුගේ සිරුර තුළ අවස්ථා ගණනාවකදී විකෘතිකරණයට ලක් වී තව තවත් නව වයිරස ප්‍රභේද නිර්මාණය කර ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දින 411 ක් ‘කොවිඞ් 19’ ආසාදනය වූ රෝගියෙක්